‘දිට්වා’ සුළි කුණාටුව විසින් ඇති කළ ආපදා තත්වය සහ එයින් ආර්ථිකයට ඇති වූ බරපතළ බලපෑමට මුහුණදීම සඳහා වහාම ණය කපා හැරීමක් සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු බවත් ඉක්මන් වැඩපිළිවෙළකට යා යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය අවධාරනය කරයි.
පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා මෙම කරුනු දැක්වූයේ ආපදා තත්වයට මුහුණ දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඉදිරිපත් කරන යෝජනාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය නොවැම්බර් 8 වැනිදා පැවති දී මාධ්‍ය හමුවකදීය.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පුබුදු ජයගොඩ සහෝදරයා දිට්වා සුළි කුණාටුවත් ඉන්පස්සේ ඇති වුණ ආපදා තත්වයත් නිසා හානියට පත් ජනතාවට විපතට පත් වුණ පවුල්වලට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් කණගාටුව ප‍්‍රකාශ කරන බවද පැවසීය. ඔහු එම මාධ්‍ය හමුචේදී මෙසේද කියා සිටියේය.
”දැන් අපි ගතකරමින් ඉන්නේ පශ්චාත් ආපදා සමයක්. දේශපානලන වේදිකාවේ දැන් ආණ්ඩුවයි විපක්ෂයයි මරා ගන්නේ කුණාටුවක් එනවා කියලා කලින් දැනගෙන හිටියද වගේ කතන්දරවලට. මේ ඛේදවාචකය වෙලාවෙත් IMF කප්පාදු වැඩසටහනේ රාජ්‍ය ආදායම් සහ රාජ්‍ය වියදම් සඳහා සීමාවන් පනවලා තියෙන්නේ. අපේ ස්ථාවරය IMF කප්පාදු පිළිවෙත් වලින් ඉවත් විය යුතු බව. නමුත් අවම වසයෙන් මේ කප්පාදු කොන්දේසි ඉවත් කර ගැනීම සඳහා නැවත IMF සමග සාකච්ඡා කරන්නවත් රජය කටයුතු කළ යුතුයි. ඒ වගේම මේ ව්‍යසන අවස්ථාව ගැන ජාත්‍යන්තර වශයෙන් දැනුම් දීලා අපි, මෙතෙක් ලෝකයේ අවාසිදායකම ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සහ IMF පවා කියන වැඩපිළිවෙළෙන් වහාම ඉවත් වෙන්න ඕන. සමහර ණය ගෙවීම අතහැර දාලා අනෙක් ණය සම්බන්ධයෙන් වැඩි ණය කප්පාදුවක් සහ අඩු පොලී අනුපාත සඳහා සාකච්ඡා ආරම්භ කරන්න ඕන. ආණ්ඩුව මැතිවරණයේදී පොරොන්දු වූ විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණය හදලා ඒක මත මේ ක‍්‍රියාවලිය ගියානම් හරි. විදෙස් ණය විතරක් නෙවෙයි මූල්‍ය සමාගම් වලට 25-30% පොලී දීලා කම්කරු අරමුදල් වලට 9% පොලී දෙන දේශීය ණය ප‍්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙළත් වෙනස් කරන්න ඕන. මේ ආපදාව තමයි ඒ සඳහා අවස්ථාව.
අනිත් කාරණය තමයි මේ ව්‍යසනය නිසා පීඩාවට පත් වුණු ජනතාවට තමන්ගේ ආර්ථිකය ස්ථාවරත්වය ඇති කරගන්න තවත් සෑහෙන කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා වහා ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කිරීමකට ආණ්ඩුව යන්න ඕන. වාහන ත‍්‍රීරෝද රථ වගේ ඒවට ගත්ත ලීසිං අඩුම තරමින් අවුරුද්දකටවත් කපාහරින්න කියලා අපි ඉල්ලනවා. ඊලගට ප‍්‍රධාන කාරණයක් තමයි මෙලෙය්හ තම්ල් ජනතාවගේ ප‍්‍රශ්නය. ආරක්ෂාකාරීව ජීවත් වෙන්න ඉඩමක් නිවාසයක් නැති ඒ මිනිස්සුන්ට තවමත් අද වතුවල වැඩකරන ඒ ජනතාව පොළොවට පස්වෙන්න ඉඩ තියන්න එපා. ඒ නිසා ඒ ජනතාවගේ ඉඩම් සහ නිවාස ප‍්‍රශ්නයට කඩිනම් විසඳුමක් රජය පැත්තෙන් ලැබෙන්න ඕන.
බිලියන ගණන් ලාභ ගන්න සමාගම්වලට සුපිරි වාසි බද්දක් සහ දැවැන්ත දේපළ හිමිකරුවන් සඳහා විශේෂ දේපළ බද්දක් අපි යෝජනා කර තිබෙනවා. මේවා කරන්න බෑ IMF වැඩසටහනේ මෙහෙමම යන ගමන්. අපේ ස්ථාවරය IMF කප්පාදු පිළිවෙත්වලින් ඉවත් විය යුතු බව. නමුත් අවම වශයෙන් මැතිවරණ පොරොන්දුවක් ලෙස කී ආකාරයට මේ කප්පාදු කොන්දේසි ඉවත් කර ගැනීම සඳහා නැවත IMF සමග සාකච්ඡා කරන්නවත් ජාතික ජනබලව්ගය ආණ්ඩුව කටයුතු කළ යුතුයි.”
(‘වම’ -පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම පුවත්පත 2025 දෙසැම්බර් කලපය- ප්‍රධාන පුවත)






