ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බරපතල දේශගුණික විපර්යාස සහ මෑතකදී බලපෑ ‘ඩිත්ව’ (Ditwah) සුළි කුණාටුවේ විනාශකාරී බලපෑම හේතුවෙන්, රටේ විදේශීය ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙස ලොව ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයින් සහ විද්වතුන් 121 දෙනෙකු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති බවත්, එය දේශගුණික ව්‍යසනයන් හමුවේ රට දැඩි අවදානමකට ලක් කර ඇති බවත් මෙම විශේෂඥ කණ්ඩායම පෙන්වා දෙයි.
මෑතකදී ඇති වූ ‘ඩිත්ව’ සුළි කුණාටුව හේතුවෙන් පුළුල් ගංවතුර තත්ත්වයක් සහ නායයෑම් ඇති වූ අතර, මිලියන 1.4 ක ජනතාවක් අවතැන් වී පුද්ගලයින් 800 කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදහන් වී ඇති බව මෙම ප්‍රකාශයේ සඳහන් වේ. මෙම ව්‍යසනය හේතුවෙන් යටිතල පහසුකම් සහ ජීවනෝපායන්ට දැඩි හානි සිදුව ඇති අතර, වත්මන් ණය ගනුදෙනුව මගින් නිර්මාණය කර ඇති සීමිත මූල්‍ය අවකාශය මෙම හදිසි තත්ත්වය කළමනාකරණය කිරීමට ප්‍රමාණවත් නොවන බව විද්වතුන් අවධාරණය කරයි.
ඔවුන් නිකුත්කළ නිවේදනයේ පරිවර්තනයක් පහත දැක්වේ.
ශ්‍රී ලංකාවේ 17 වැනි IMF ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම, මාස 48 ක IMF විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ ක්‍රියාත්මක වන අතර එමඟින් සපයනු ලබන්නේ සීමිත ණය සේවා සහනයකි. එබැවින් එය ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට තිරසාර විසඳුමක් ලබා දීමට අපොහොසත් වී ඇති අතර, බාහිර කම්පනවලට – විශේෂයෙන් දේශගුණික විපර්යාස නිසා ඇති වන ව්‍යසනයන්ට – ශ්‍රී ලංකාව දැඩි ලෙස ගොදුරු වීමේ අවදානමකට ලක් කර ඇත. එම කම්පන දැන් ‘ඩිත්ව’ (Ditwah) සුළි කුණාටුවේ විනාශකාරී ප්‍රතිවිපාක සමඟ පැමිණ ඇති අතර, පුලුල්ව පැතිරුනු ගංවතුර, මාරාන්තික නායයෑම්, මිලියන 1.4 කට අධික ජනතාවක් අවතැන් වීම සහ පුද්ගලයින් 800 කට ආසන්න පිරිසක් මිය යාම හෝ අතුරුදහන් වීම ඊට ඇතුළත් වේ. මේ සමඟ රටේ අනාගතය පිළිබඳ කනස්සල්ල තවදුරටත් ගැඹුරු වී ඇත.
වත්මන් IMF සහාය ලබන විධිවිධානය යටතේ, ශුද්ධ වර්තමාන වටිනාකම (Net Present Value) අනුව ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් ප්‍රමාණය 17% කින් අඩු කිරීමට ණය හිමියන් එකඟ විය. මෙය ශ්‍රී ලංකාවේ රාජ්‍ය විදේශ ණය ගෙවීම් ආදායමෙන් 25%ක් පමණ මට්ටමක ඉතිරි කර ඇති අතර, එය ලෝකයේ ඉහළම අනුපාතවලින් එකකි. IMF කාර්ය මණ්ඩලයට අනුව, IMF හි ම ආකෘති යටතේ, ණය සහන ලැබීමෙන් පසුව වුවද, ණය පැහැර හැරීමට සහ/හෝ තවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වීමට ශ්‍රී ලංකාවට 50% ක සම්භාවිතාවක් ඇත. “වසර ගණනාවක් පුරා ණය අවදානම ඉහළ මට්ටමක පවතිනු ඇති” බව IMF ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
යටිතල පහසුකම්, ජීවනෝපායන් සහ ආර්ථිකයේ ප්‍රධාන අංශවලට පුලුල් හානියක් සිදු කරමින් මෑත කාලීන සුළි කුණාටුව, මහා ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඇති වූ දැඩි ආර්ථික කම්පනයකට ශ්‍රී ලංකාව දැන් මුහුණ දී සිටී. වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය මගින් නිර්මාණය කරන ලද අතිශය සීමිත මූල්‍ය අවකාශය මෙම පාරිසරික හදිසි අවස්ථාව මගින් අවශෝෂණය කරගනු ඇති අතර – ඇතැම් විට එය ඉක්මවා යනු ඇත. IMF වෙතින් අමතර විදේශ ණය මේ වන විටත් ලබා ගනිමින් පවතින අතර, ව්‍යසනයේ බලපෑම්වලට මුහුණ දීම සඳහා තවත් ණය ලබා ගැනීම් සිදුවීමට ඉඩ ඇත.
දේශගුණික කම්පන හමුවේ ශ්‍රී ලංකාවට ඇති අවදානම සැලකිල්ලට ගත් විට, ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වත්මන් ණය ගනුදෙනුව කොතරම් ප්‍රමාණවත් නොවේද යන්න මෙම විනාශයේ පරිමාණයෙන් අවධාරණය කෙරේ. රටේ දැනටමත් බිඳෙනසුලු සමාජ-ආර්ථික පසුබිම අවදානම් ඉහළ නංවයි: අඩු වූ ආදායම්, ඉහළ යන ප්‍රතිසංස්කරණ වියදම් සහ වැඩිවන ආනයන අවශ්‍යතා හේතුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අපේක්ෂිත ප්‍රතිලාභ ඉක්මනින් යටපත් විය හැකිය. මෙම සන්දර්භය තුළ, දේශගුණික හෝ ආර්ථිකමය වේවා, තවදුරටත් සිදුවන බාහිර කම්පනවලට ජාතිය දැඩි ලෙස නිරාවරණය වී පවතින අතර, වඩාත් පුළුල්, ඔරොත්තු දීමේ හැකියාව (resilience) ඉලක්ක කරගත් ණය විසඳුමක අවශ්‍යතාවය මෙය ඉස්මතු කරයි. ශ්‍රී ලංකාවේ “ණය තිරසාරභාවය කරා යන මාවත තවමත් තියුණු අද්දරක (knife-edged) පවතින” බවත්, සමාජ වියදම් ඉලක්ක මගහැරී තිබියදී රට ඉලක්ක සපුරා ගන්නේ ඉතා අසීරුවෙන් බවත් IMF විසින්ම පිළිගෙන ඇත.
ශ්‍රී ලංකාවට බලපා ඇති වත්මන් දේශගුණික ව්‍යසනය හමුවේ, පහත කරුණු ඉස්මතු කිරීමට අපි කැමැත්තෙමු:
පවතින ප්‍රතිව්‍යුහගත කිරීම – මධ්‍යස්ථ, කොන්දේසි සහිත සහ අවිනිශ්චිත සාර්ව ආර්ථික ප්‍රතිඵලවලට බැඳී ඇති හෙයින් – පුනරාවර්තන දේශගුණික සහ බාහිර කම්පනවලින් පීඩාවට පත් අවදානමට ලක්විය හැකි බහුතරය ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් නොවේ.
ගැඹුරු ණය සහනවලට වඩා ණය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට ප්‍රමුඛත්වය දීම මගින්, IMF වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ජනගහනය අනාගත ව්‍යසනවලට ව්‍යුහාත්මකව නිරාවරණය වීම තවදුරටත් පවත්වාගෙන යයි.
මෙම තත්ත්වයන් යටතේ ණය ආපසු ගෙවීමේ වගකීම් අඛණ්ඩව පැනවීම, ශ්‍රී ලංකාවට ණය ගෙවීමට ඇති හැකියාව සලකා බැලීමට අසමත් වන අතර, ඒ වෙනුවට එය පදනම් විය යුත්තේ රටේ විදේශ විනිමය ඉපැයීම් මතය. වත්මන් බරපතල ණය සේවාකරණය (debt servicing) මගින් ජීවිත ගොඩනැගීම, කෘෂිකර්මාන්තය සහ යටිතල පහසුකම් ප්‍රතිෂ්ඨාපනය කිරීම සහ සමාජ ආරක්ෂණය සැපයීම සඳහා වන උත්සාහයන් අඩපණ කරයි.
එබැවින්, ශ්‍රී ලංකාවේ විදේශීය ස්වෛරී ණය ගෙවීම් වහාම අත්හිටුවන ලෙසත්, නව තත්වයන් යටතේ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කරන නව ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.
පහත කරුණු ඇතුළත් සැබෑ තිරසාර රාමුවක් අනුගමනය කරන ලෙස අපි යෝජනා කරමු:
දේශගුණික විපර්යාස නිසා ඇති වන ව්‍යසනයන් ව්‍යතිරේක (exceptional) කම්පන ලෙස නොව පද්ධතිමය (systemic) කම්පන ලෙස හඳුනා ගැනීම.
ආපදා ප්‍රතිසාධනය, සමාජ ආරක්ෂණය, ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා මූල්‍ය අවකාශය නිදහස් කිරීම වෙනුවෙන් දණ්ඩනීය කොන්දේසිවලින් තොර සැලකිය යුතු ණය අවලංගු කිරීමක් ලබා දීම.
බාහිර ණය හිමියන්ට ඇති මූල්‍ය වගකීම්වලට වඩා මානව සුභසාධනය, පාරිසරික ආරක්ෂාව සහ දිගුකාලීන පැවැත්මට ප්‍රමුඛත්වය දීම.
ගෝලීය ණය තන්ත්‍රය පිළිබඳ මූලික නැවත සිතා බැලීමක් – යුක්තිය සහ තිරසාරභාවය මත පදනම් වූවක් – පමණක් ශ්‍රී ලංකාවට දේශගුණික බලපෑම්වලින් යථා තත්ත්වයට පත්වීමට සහ සියල්ලන්ටම සාධාරණ අනාගතයක් ගොඩනැගීමට යථාර්ථවාදී අවස්ථාවක් ලබා දෙනු ඇත.
සම්බන්ධීකරණය: මහාචාර්ය ජයති ඝෝෂ්; ණය යුක්තිය (Debt Justice), එක්සත් රාජධානිය; දේශපාලන ආර්ථික විද්‍යා ආයතනය (Institute of Political Economy), ශ්‍රී ලංකාව.
අත්සන් කළ අය
Professor Jayati Ghosh, University of Massachusetts-Amherst, USA
Professor Joseph Stiglitz, Columbia University, USA
Professor Thomas Piketty, Science Po/Paris School of Economics, France
Professor Yanis Varoufakis, University of Athens, Greece
Professor Martin Guzman, Columbia University, USA
Professor CP Chandrasekhar, University of Massachusetts-Amherst, USA
Professor Stephanie Kelton, Stony Brook University, USA
Professor Jason Hickel, ICTA-University of Barcelona, Spain/LSE, United Kingdom
Professor Guy Standing, SOAS, University of London, U.K.
Professor Fadhel Kaboub, Global Institute for Sustainable Prosperity, USA
Professor Gary Dymski, Leeds University, United Kingdom
Professor Sudip Chaudhuri, India Institute of Management Calcutta, India
Professor Kevin Gallagher, Boston University, USA
Professor Radhika Balakrishnan, Rutgers University, USA
Professor Gerald Epstein, University of Massachusetts, USA
Professor Utsa Patnaik, Jawaharlal Nehru University, India.
Professor Mariana Reis Maria, Universidade Estadual de Campinas, Brazil
Professor Irene van Staveren, Erasmus University – Rotterdam, The Netherlands
Professor Juan Carolos Moreno-Brid, UNAM-Mexico
Professor Surajit Mazumdar, Jawaharlal Nehru University, India
Professor Howard Nicholas, International School of Business Ho Chi Min, Vietnam
Professor A Haroon Akram-Lodhi, Trent University, Canada
Professor Gunseli Berik, University of Utah, USA
Professor Sergio Cesaratto, University of Sienna, Italy
Professor Yavuz Yazar, University of Denver, USA.
Professor Suzanne Bergeron, University of Michigan – Dearborn, USA
Professor S Subramanium, Madras Institute of Development Studies, Chennai, India
Professor David Rucio, Notre Dame University, USA
Professor MV Lee Badgett, University of Massachusetts Amherst, USA
Professor Julie Nelson, University of Massachusetts Boston, USA
Professor Farida Khan, University of Colorado, USA
Professor Smriti Rao, Assumption University, USA
Professor Gustavo Indart, University of Toronto, Canada
Professor R Ramakumar, Tata Institute of Social Studies – Mumbai, India
Professor Randy Albelda, University of Massachusetts- Boston, USA
Professor Yana Rodgers, Rutgers University, USA
Dr Isabella Weber, University of Massachusetts Amherst, USA
Dr Lucas Chancel, Science Po/Paris School of Economics, France
Dr Dean Baker, University of Massachusetts – Amherst, USA
Dr Ndongo Samba Sylla, IDEAS, Senegal
Dr Pedro Rossi, Global Fund for a New Economy, Brazil
Dr H Himanshu, Jawaharlal Nehru University, India
Dr Ingrid Kvangraven, Kings College London, U.K.
Dr Surbhi Kesar, SOAS – University of London, U.K
Dr Narayani Sritharan, AID Data, USA
Dr Tracey Freiberg, John Jay College, USA
Dr Ajit Zacharias, Levy Institute – Bard College, USA
Dr Smita Ramnarain, University of Rhode Island, USA
Dr Sheba Tejani, Kings College London, U.K.
Professor Vijay Prashad, TRICONTINENTAL Institute, Argentina
Professor Barbara Harriss-White, Oxford University, U.K.
Professor Shirin Rai, SOAS – University of London, U.K
Professor Kanchana N. Ruwanpura, University of Gothenburg, Sweden
Professor Alessandra Mezzadri, SOAS – University of London, U.K
Professor Raj Patel, University of Texas Austin, USA
Professor Kanishka Goonewardena, University of Toronto, Canada
Professor Vasuki Nesiah, New York University, USA
Professor Aram Ziai, Kassel University, Germany
Professor Matthias Goldman, EBS University, Germany
Professor Nata Duvvury, National University of Ireland – Galway, Ireland
Professor Maggie Leung, University of Amsterdam, The Netherlands
Professor Padraig Carmody, Trinity College – Dublin, Ireland
Professor Bart Klem, University of Ghent, Belgium
Professor Roar Høstaker, Inland Norway University, Norway.
Professor Benjamin Selwyn, University of Sussex, U.K.
Professor John Morrissey, National University of Ireland – Galway, Ireland
Professor Kanishka Jayasuriya, Murdoch University, Australia
Professor Wilfried Swenden, University of Edinburgh, United Kingdom
Professor Roger Jeffery, University of Edinburgh, United Kingdom
Professor Naomi Hossain, SOAS – University of London, U.K
Professor Page Fontana, Columbia University, USA
Professor Dina Siddiqi, New York University, USA
Professor Christoper Cramer, SOAS – University of London. U.K.
Professor Ruvani Ranasinha, Kings College – London, U.K.
Professor Maria Heim, Amherst College, USA
Professor John Hariss, Simon Fraser University, Canada
Professor Nirmala Salgado, Augustana College, USA
Professor Vinay Gidwani, University of Minnesota, USA
Professor Dia da Costa, University of Alberta, Canada
Professor Atilio Boron, University of Buenos Aires, Argentina
Professor Anne Blackburn, Cornell University, USA
Professor Deepta Chopra, University of Sussex, U.K
Professor Muthucumaraswamy Sornaraha, National University of Singapore, Singapore
Professor Rahul Mukherji, Heidelberg University, Germany
Dr. Juan Pablo Bohoslavsky, CONICET and National University of Rio Negro (CIEDIS) – Argentina.
Dr Mieke Lopes Cardozo, University of Amsterdam, The Netherlands
Dr Thiruni Kelegama, University of Oxford, U.K.
Dr Giselle Thompson, University of Alberta, Canada
Dr Nimanthi Rajasingham-Perera, Colgate University, U.S.A
Dr Andrew Newsham, SOAS – University of London, U.K.
Dr Bhumika Muchchala, New School University, USA
Dr Alexandre da Costa, Alberta University, Canada/Brazil
Dr Sharika Thiranagama, Stanford University, USA
Dr Amali Wedagedara, Bandaranaike Centre for International Studies, Sri Lanka
Dr Eva Ambos, Tubingen University, Germany
Dr Paul Gilbert, University of Sussex, United Kingdom
Dr Priyadarshini Premarathne, University of Peradeniya, Sri Lanka
Dr Farah Mihlar, Oxford Brookes University, U.K
Dr MeeNilancko Theiventharan, University of Oslo, Norway
Dr Shyamain Wickramasingha, University of Sussex, U.K
Dr Joeri Scholtens, University of Amsterdam, The Netherlands
Dr Susantha Rasnayake, University of Peradeniya, Sri Lanka
Dr Alicia Yamin, Harvard University, U.S.A.
Dr Lara Merling, UCL – Institute for Innovation Public Purpose, U.K.
Dr Rohith Jyothish, O. P. Jindal Global University Sonipat, India
Dr Jon Philips, SOAS – University of London, U
Anne Pettifor, Jubilee Campaign, U.K
Tim Jones, Debt Justice U.K., U.K.
Kate Raworth, Environmental Change Institute, Canada
Veronica Gróndona, ICRICT, Argentina
Maia Colodenco, Suramericana Vision, Argentina
Dr. Farwa Sial, IDEAS – Asia Region
Emma Bury, AID Data, USA.
Robin Jespert, Goethe University, Germany
Kevin Cashman, John Jay College – CUNY, USA
Gabriele Koehler, UNRISD, Switzerland
Vincent Chee, Raffles College of Higher Education, Singapore
Matheus Machado, IBMEC – Brazil
Chiara Subrizi, University Urbino Carlo Bo, Italy
Kowsalya Duraiswamy, Sri Lanka
Emma Burgisser, Christian AID, United Kingdom






