රන්වල ‘ හොඳ’ නිසා බේරෙයි – පොලීසිය තමයි වැරදි

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වලගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදුකළ බවය.

එම විමර්ශනයේ දී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදුකළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදුකර ඇතැයි නිරීක්ෂණ වූ බව අදාළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මුලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත.

මෙම සිදුවීමේදී මෙම පොලිස් නිලධාරීන්ට දඬුවම් ලබාදීමට අමතරව ඔවුන්ට එළෙස ක්‍රියාකිරීමට උපදෙස් ලබාදුන්නේ කවුරුන්ද යන්න ගැනද සොයාබැලීම වැදගත් වේ. එසේම මේ සිදුවීම හරහා රන්වල විසින් සිදුකළ යම් වරදක් සැඟවීමට උත්සහ ගෙන තිබේනම් එම වරද කුමක්ද යන්න ගැන ද සෙවීම වැදගත් වේ.

දැන් පෙනෙන්නට තිබෙන්නේ වරදක් කළ බවට සැක සිතිය හැකි රන්වල කිසිදු උපද්‍රවයක් නොමැතිව නිදහස් වීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පොලීසියට යන්නත් කලින් ඥානසාර හැංගිලා

ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පොලිස්පතිවරයා වෙත ලැබෙනතුරු ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව...

පාසල් නොමැති දරුවන් 

ඇමරිකන් ඊශ්‍රායල්  ගාසා හි ජන සංහාරක යුද්ධයේදී ළමුන් 21,000...

පාසල් වහන ජනපති

දිවයිනේ පාසල් පද්ධතියෙන් සියයට 18කට ආසන්න ප්‍රමාණයක සිසුන් සංඛ්‍යාව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම කල් දැමීමෙන් කෝටි ගණනක පාඩුවක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් මෙම වර්ෂයේ (2026) හය ශ්‍රේණිය සදහා...