හඳුනා ගත් රාජ්‍ය ආයතන තිස්තුනක් වසා දැමීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව සැප්තැම්බර් 4 දා පැවැති කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශකවරයා මාධ්‍ය වෙත අනාවරණය කළා . එසේ වසා දැමීමට තීන්දු කළ ආයතන නමයක නම් හෙළිදරව් කලද ඉතිරි ආයතන 24 නම් තවමත් ආණ්ඩුව විසින් හෙළිදරව් කර නැහැ .
දැනට ආණ්ඩුව විසින් හෙළිදරව් කර ඇති ආයතන බොහොමයක වංචා දූෂණ අක්‍රමිකතා සිදුවී ඇති බව ප්‍රකට කරුණකි . උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් මිහින් ලංකා ආයතනය පිහිට වීමම රාජපක්ෂලාගේ වුවමනාවක් මත සිද්ධ වූවක් මිස රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාවය මත සිදුවූවක් නොවන බව දනිමු . එමෙන්ම මේ ආයතනය පිහිටවීමේ සිට ක්‍රියාත්මක ඌ කාලයේ පවා එහි වංචා දූෂණ සිදුවූ බව උදාහරණ සහිතව පසුගිය කාලයේ පෙන්වා දී තිබේ . එවන් ආයතන ඈවර කිරීමෙන් පසුව කුමක් සිදු වන්නේ ද? මේ වංචා දූෂණවලට අදාළව ආණ්ඩුව ගන්නා පියවර කුමක් ද? යන්න පිළිබඳව ආණ්ඩුව ප්‍රකාශයට පත් කර නැහැ .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතාවය මත රනිල් වික්‍රමසිංහ පාලන සමයේදී ද රාජ්‍ය ආයතන ඈවර කිරීමේ උත්සාහයක් පැවති අතර මේ සිදුවන්නේ එම ක්‍රියාවලියේ දිගුවක් බව ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව පෙන්වා දෙනවා .