ලොහාන් රත්වත්තේට රාජ්‍ය ඇමති ධූරය අහිමි වී නැහැ

Date:

තමන් විසින් වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරීව හැසිරුණු බවටත් අනුරාධපුර බන්ධනාගාරයේදී සිරකරුවන්ට ගිනි අවි පෙන්වා යම් කිසි හිංසනයක් සිදු කළ බවටත් වන චෝදනා භාරගනිමින් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් ඉල්ලා අස්වීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙන්නේ ඔහු තමන් හෙබවූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත්වන බව පමණයි.

ඒ අනුව, ඔහු හෙබවූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි ලොහාන් රත්වත්තේ මහතා රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස තවදුරටත් කටයුතු කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස බීමතින් කලහකාරීව හැසිරුණු පළමු අවස්ථාව මෙය නොවන අතර මීට පෙර අවස්ථා ගණනාවකදීම ඔහු මෙලෙස හැසිරී ඇති බවට චෝදනා රාශියක් තිබෙනවා.

මේ අතර ලොහාන් රත්වත්තේ පවසා ඇත්තේ සම්බන්ධයෙන් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තා නිසා ආණ්ඩුව අපහසුතාවයට පත්වේයැයි සිතු හෙයින් තමා එම රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන් ඉවත් වුවත් මැණික් හා මැණික් ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ධුරයේ දිගටම කටයුතු කරන බවයි.

තමා ගැන විශ්වාසය පළ කර බන්ධනාගාර අමාත්‍යාංශය තමාට බාරදීම ගැන ජනාධිපතිවරයාට හදවතින් ස්තුතිය පුද කරන බව ලොහාන් රත්වත්තේ පවසා ඇත.

එසේම බන්ධනාගාරයකට බලහත්කාරයෙන් ඇතුළුවීම සහ සිරකරුවන් තර්ජනය කරමින් හිංසනයට ලක් කිරීම දඬුවම් ලබාදිය යුතු වරදක් වුවත් ඒ පිළිබඳ ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු දක්නට නොලැබේ.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...