Breaking News

බලය වෙනුවෙන් යාහැකි දුර කොපමණද?

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී බහුතර බලයක් හිමි කර ගත්තද බලය පිහිටවීමට නොහැකි වූ පළාත් පාලන ආයතන ගණනාවක බලය පිහිටුවීම සඳහා සහය ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණයක් ගෙන ඇතැයි වාර්තා වේ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොන්ඩමන් පැවසුවේ ජාතික ජන බලවේගය සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව එම තීරණයට එළඹුණු බවයි.

ඒ අනුව කිසිදු දේශපාලන පක්ෂයකට බහුතර බලය හිමි නොවූ නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවල සහ දෙනියාය කොටපල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට සහය ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය තීරණය කර ඇත.

එසේම කම්කරු කොංග්‍රසයට බහුතර බලයක් හිමිවුවද බලය තහවුරු කරගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයේ සහය ලබාගන්නා බවද සෙන්තිල් තොන්ඩමන් පවසා ඇත.

ලංකා වතු කොංග්‍රසය පසුගිය දේශපාලන ඉතිහාසයේ අවස්ථා ගණනාවකදී තමන්ට හිමි බලය පවිච්චි කරමින් සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයක් සමඟම සන්ධානගත වී තිබේ. එසේම එම පක්ෂයට ඇති චෝදනාවක් වන්නේ මලයග තමිල් ජනතාවගේ ඡන්ද ලබාගත්තද එම ජන මතය පාවා දෙමින් බලය ලබාගැනීම හැර ජනතාව වෙනුවෙන් කිසිවක් නොකරන බවයි.

ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදුන් ජනතාවගේ අපේක්ෂාව වන්නේ පැරණි පක්ෂ නියෝජිතයන් දේශපාලනයෙන් අතු ගා දැමීමයි. නමුත් දැන් සිදුවන්නේ එම පක්ෂවලට ශක්තිමත් වීමට ජාතික ජන බලවේගය සහය ලබාදීමයි.

leave a reply