කොළඹ රහස් ඡන්දයක් තිබ්බේ ඇයි?

ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස රහස් ඡන්දයෙන් තේරී පත් වීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළවෙමින් තිබේ.

මෙම රහස් ඡන්දයෙන් ජාතික ජන බලවේගයෙන් ඡන්ද 61ක් දිනා තිබුණි.

කොළඹ මහ නගර සභාවට තරග කළ කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලයක් හිමි කර ගැනීම නොහැකි වීම හේතුවෙන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය වන සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් අද (ජූනි 16) පැවති මංගල සභා වාරයේදී ඉදිරිපත් වූ නාම යෝජනා අතරින් වැඩි ඡන්ද ගණනක් ලබා ගෙන කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය බවට පත් වීමට ව්‍රායි කැලී බල්තසාර්ට හැකි විය.

එහෙත් බොහෝදෙනෙක් මෙහිදී මතුකරන කාරණයක් වන්නේ රහස් ඡන්දයක් පැවැත්වීම සැක සහිත බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසුවේ යම්කිසි කණ්ඩායමක් අතර දේශපාලන එකඟතා ගොඩ නැගුනේ නම් එය ප්‍රසිද්ධියට පත් කිරීමට පුළුවන් විය බවයි. විවෘත දේශපාලන එකඟතා වෙනුවට සැඟවුණු දේශපාලන එකඟතා තිබෙන නිසා ඡන්දය දෙන අයටත් ඡන්දය ලබාගන්නා අයටත් එය ප්‍රසිද්ධ කළ නොහැකිවී වී ඇති බව ඔහු පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...