හිටපු ජනාධිපති බහිරවයෝ එළවන්නත් මැති ඇමති වරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට පණත් 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට අදාල යෝජනාවක් 2025 ජුනි 16 වනදා කැබිනට්  මණ්ඩලය වෙත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඉදිරිපත් කරනු ලැබූ  අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තියනවා .

එම යෝජනාවට අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සිදු කිරීමට නියමිතයි .

ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කර ගන්නා දා සිට ඉහත සඳහන් වරප්‍රසාද අහෝසි වී යන බව අද කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියා .

හිදී දිගින් දිගටම මාධ්‍යවේදීන් එම ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්න කළ අතර ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නම් නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව මධ්‍යවේදීන්ගේ හරස් ප්‍රශ්න හමුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...