හිටපු ජනාධිපති බහිරවයෝ එළවන්නත් මැති ඇමති වරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට පණත් 

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීමට අදාල යෝජනාවක් 2025 ජුනි 16 වනදා කැබිනට්  මණ්ඩලය වෙත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ඉදිරිපත් කරනු ලැබූ  අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලැබී තියනවා .

එම යෝජනාවට අනුව 1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත සහ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත පරිච්ඡින්න කිරීම සිදු කිරීමට නියමිතයි .

ඒ අනුව එම පනත් කෙටුම්පත සම්මත කර ගන්නා දා සිට ඉහත සඳහන් වරප්‍රසාද අහෝසි වී යන බව අද කැබිනට් තීන්දු තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියා .

හිදී දිගින් දිගටම මාධ්‍යවේදීන් එම ක්‍රියාවලිය පිළිබඳව ප්‍රශ්න කළ අතර ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නම් නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව මධ්‍යවේදීන්ගේ හරස් ප්‍රශ්න හමුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දී සිටියා .

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...