Breaking News

ඔබ වෙනුවෙන් ඔබ ගන්නා තීරණයක් – ජුනි 8 සහ 9 ජනමත විචාරණය

ස්ථාවර, ආරක්ෂිත, ආරක්ෂාව තහවුරු කල සහ ගෞරවනීය රැකියාවක් සඳහා මෙන්ම පුරවැසිභාවය සඳහා ඇති අයිතිය සඳහා ඔව් (SI) ලෙස ඡුන්දය දෙන්න. ජුනි 8 වන ඉරිදා (පෙ.ව. 7 සිට ප.ව. 11 දක්වා) සහ ජුනි 9 වන සඳුදා (පෙ.ව. 7 සිට ප.ව. 3 දක්වා) ජනමත විචාරණ ප‍්‍රශ්න පහක් සම්බන්ධයෙන් අපගේ මතය ප‍්‍රකාශ කිරීමට අප සැමට ආරාධනා කර ඇති බව ඔබ දැන සිටියාද?

  • නීති විරෝධී ලෙස සේවයෙන් පහ කිරීම නැවැත්වීම.

නව රැකියා පනත මගින් සේවයෙන් පහ කිරීම පිළිබඳ දක්වා ඇති නීති අවලංගු කිරීම. සේවකයින් 15 දෙනෙකුට වඩා සිටින සමාගම්වල සේවකයින්, 2015 මාර්තු 7 වන දින සිට නීති විරෝධී ලෙස විශාල ප‍්‍රමානයක් සේවයෙන් පහ කර ඇති අතර නව නීති නිසා, ඔවුන්ගේ රැකියා නැවත ස්ථාපිත කළ නොහැකි තත්වයක් උත්ගත වී ඇත. වර්තමානයේ, විනිසුරුවරයෙකු රැකියා සම්බන්ධතාවය අවසන් කිරීම අසාධාරණ සහ පදනම් විරහිත බව ප‍්‍රකාශ කළත්, සේවා ස්ථානයේ නැවත සේවයේ පිහිටුවීම වළක්වන නීතිය නිසා දඬුවම් ලැබූ සේවකයින් මිලියන 3.5 කට අධික සංඛ්‍යාවක් සිටිති. අපි මේ නීතිය අවලංගු කරමු, සාධාරණ හේතුවක් හෝ තහවුරු කල හේතුවක් නොමැතිව සේවයෙන් පහ කිරීම නවත්වමු.

  • කුඩා ව්‍යාපාරවල සේවකයින් සඳහා වැඩි ආරක්ෂාවක්.

කුඩා ව්‍යාපාරවල සේවයෙන් පහකිරීම් සඳහා වන්දි ගෙවීමේ සීමාව අහෝසි කරන්න. අද වන විට, සේවකයින් 16 ට අඩු සමාගම්වල, අසාධාරණ ලෙස සේවයෙන් පහ කරන ලද සේවකයෙකුට උපරිම මාස 6 ක වැටුපකට සමාන වන්දියක් ලබා ගත හැකිය. මෙම සීමාව කුඩා ව්‍යාපාරවල සේවකයින් (ආසන්න වශයෙන් මිලියන 3.7) දැඩි යටත් කමකට ලක් කරයි. අසාධාරණ ලෙස සේවයෙන් පහ කිරීමකදී වන්දි ගෙවීම සඳහා උපරිම මාස හයක වැටුප අවලංගු කරමින්, සේවකයාගේ ආරක්ෂාව වැඩි කිරීම මෙම ජනමත විචාරණයේ අරමුණයි. එමගින් සේවකයාට ලැබිය යුතු සාධාරණ වන්දි ප‍්‍රමාණය තීරණය කිරීමේ කාර්යය විනිසුරුවරයාට පැවරේ.

  • අස්ථිර රැකියා අවම කිරීම.

අස්ථීර හෝ තාවකාලික කොන්ත‍්‍රාත්තු භාවිතය පිළිබඳ සමහර නීති අවලංගු කිරීම. ඉතාලියේ, ආසන්න වශයෙන් මිලියන 2.3 ක ජනතාවකට තිබෙන්නේ අස්ථාවර කෙටි කාලීන රැකියා කොන්ත‍්‍රාත්තුය. තාවකාලික වැඩ සාධාරණීය කරණය කරන කිසිදු වෛෂයික හේතුවක් නොමැතිව මාස 12ක් දක්වා කාලයක් සඳහා අස්ථාවර කාලීන කොන්ත‍්‍රාත්තු දැන් ස්ථාපිත කළ හැකිය. ජනමත විචාරණය මගින්, අස්ථාවර කාලීන කොන්ත‍්‍රාත්තු භාවිතය සාධාරණීය කරණය කරන හේතු පැහැදිලිව ප‍්‍රකාශ කිරීමේ වගකීම නැවත ස්ථාපිත කිරීමෙන්, රැකියා වඩාත් ස්ථාවර කිරීමට මෙයින් බලාපොරොත්තු වේ.

  • සේවා ස්ථානයේ වැඩි සෞඛ්‍ය සහ ආරක්ෂාවක් සහතික කිරීම.

2024 දී, ඉතාලියේ, රැකියා ස්ථානයේ අනතුරු 590,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත (රැකියාවට යන සහ එන අතරමගදී සිදුවන අනතුරුද ඇතුළුව) සහ මරණ 1,090 ක් ගණනය කර ඇත. මෙහි තේරුම නම්, 2024 දී ඉතාලියේ සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයින් තිදෙනෙකු රැකියා ස්ථානයේදී මිය ගිය බවයි. කොන්ත‍්‍රාත් කරුවන් යටතේ සේවය කරන සේවකයින් අනතුරකට ලක් වූ විට, කොන්ත‍්‍රාත් සමාගමට පැවරෙන වගකීම් ප‍්‍රමානය හා කාලය දිගු කිරීම වළක්වන වත්මන් නීති වෙනස් කිරීමට අපි කැමැත්තෙමු. මූල්‍ය ස්ථාවරත්වයක් නොමැති කොන්ත‍්‍රාත්කරුවන්ට පක්ෂව පවතින නීති තවදුරටත් අවශ්‍ය නොවේ, බොහෝ විට ඒවා අනතුරු වැළැක්වීමේ රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන්නේ නැත. පවතින රෙගුලාසි අවලංගු කිරීම සහ කොන්ත‍්‍රාත් ව්‍යවසායකයාට පැවරෙන වගකීම දීර්ඝ කිරීම යනු රැකියාවේදී වැඩි ආරක්ෂාවක් සහතික කිරීම යැයි මෙයින් විශ්වාස කරමු.

  • ඉතාලි පුරවැසිභාවය සමග වැඩි සංහිඳියාවක්

මෙහි අරමුණ වන්නේ ඉතාලි පුරවැසිභාවය ලබා දීම සඳහා ඉල්ලූම් කිරීමට හැකි වන පරිදි ඉතාලියේ පදිංචි කාලය අවුරුදු 10 සිට 5 දක්වා අඩකින් අඩු කිරීමයි. 1992 පනතේ අංක 91 හි 9, තුලින් එතෙක් පැවති ඉතාලියේ අඛණ්ඩ නීත්‍යානුකූල පදිංචිය වසර පහේ සිට දහය දක්වා වැඩි කරන ලදී. ජනමත විචාරණය පුරවැසිභාවය ලබා ගැනීම සඳහා වන අනෙකුත් අවශ්‍යතා (ඉතාලි භාෂාව පිළිබඳ දැනුම, ප‍්‍රමාණවත් ආදායමක් තිබීම, අපරාධ වාර්තාවක් නොමැතිකම, බදු බැඳීම්වලට අනුකූල වීම, බාධා නොමැති වීම) වෙනස් නොකරයි. ඉතාලියේ අඛණ්ඩ පදිංචිය අඩකින් අඩු කිරීම, ඉතාලියේ ඉපදී, හැදී වැඩි, ජීවත් වන, අධ්‍යාපනය ලබන සහ වැඩ කරන විදේශීය සම්භවයක් ඇති පුරවැසියන් මිලියන 2.5 කට පමණ තීරණාත්මක ජයග‍්‍රහණයක් වනු ඇත. අයිතිවාසිකම්, ආරක්ෂාව සහ අවස්ථා ප‍්‍රවර්ධනය කිරීම ධනය සහ වර්ධනය සහතික කරන ආකාරය දැනටමත් තේරුම් ගෙන ඇති ප‍්‍රධාන යුරෝපීය රටවල් සමග ඉතාලිය පෙළගස්වමු. මෙම කරුණු 5 මූලික කරගෙන පවත්වනු ලබන ජනමත විචාරණයේදී ඊට එකගව ඔව් යන්න සඳහන් කර ඔබේ ඡුන්දය ලබා දෙන ලෙස අප ඔබෙන් අයැදි සිටිමු. මෙහිදී අවධානය යොමු කල යුතු වැදගත් සාධකය වන්නේ සමස්ත ඡුන්ද දායකයින්ගෙන් හරි අඩක් ඡුන්ද පොල වෙත නොපැමිනිය හොත් මෙම ජනමත විචාරණයට වලංගුභාවයක් නොලැබෙන බවයි. එනිසා ඔව් ලෙස කැමැත්ත ප‍්‍රකාෂ කරනවාට අමතරව ඡුන්ද අයිතිය ඇති පුරවැසිභාවය තිබෙන අය මෙයට සහභාගී කරවීමට උනන්දු වීමත් අත්‍යාවශය කාරණයක් වේ.

ඉතාලි ශ‍්‍රී ලංකා සහයෝගිතා සංවිධානය

https://vivaranews.com/archives/55706

leave a reply