සීහ නිරිඳා -සිහබා රජින්දා

සීහ නිරිඳා පුතේ සිහබා
දාරකයි පෙම හදම රිදවා
ගල් ලෙනේ දොර වසා සුරැකා
පියා නුඹලගෙ සිංහ රජිඳා

තොපට අසිපත කවුද දුන්නේ
කාගෙ බහටද මාන එන්නේ
මගේ ගෙළටද පහර දෙන්නේ
සෙනෙහසයි බිම තෙත් කරන්නේ

සිංහබා නුඹ නො දරු මා පුත
මා මාරා නුඹ රටට අසිපත
පිය සෙනේ කළ වරද මේක ද
නැසෙන්නට වරිගයම පාපෙක

මවයි සුප්පා වනය මේ බිම
සීවලී නුඹෙ එකම ලේ ගඟ
බලය අසිපත කහවණු ද සැප
පියාණන් හද නිරුද කළ හැක

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...