පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා ජනතාවට බලන්න දෙන්න බැහැ – ජනාධිපති ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි අතර, එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කළ හැකි බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත ලිපියකින් නැවත වරක් දැනුම් දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා පසුගිය 12දා තමන් වෙත යොමුකළ ලිපියකින් මේ බව දැනුම් දුන් බව කතානායකවරයා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කතානායකවරයා සඳහන් කළේ අදාළ සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා එසේ කටයුතු කිරීමට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා එම ලිපිය මගින් දැනුම් දී ඇති බවයි. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ රහස්‍ය ලිපි ලේඛන මහජනතාවට විවෘත නොකිරීම සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සාවද්‍ය තොරතුරු ප්‍රචාරය වන බව ද කතානායකවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කළේය.

කතානායකවරයා පැවසුවේ අදාළ සාක්ෂි සටහන්වල වෙළුම 2-II සහ 2-III හි අඩංගු රහසිගත සාක්ෂි ද ඇතුළත්ව 2-I සිට 5 දක්වා වූ සම්පූර්ණ වෙළුම් ඇතුළත් කරමින් සංස්කරණය කළ නොහැකි ආකාරයෙන් (Read Only) සකස් කරන ලද සංයුක්ත තැටි (Compact Disks) 06ක් බාරදෙන ලද බවයි.

එමෙන්ම එහි ඇතුළත් 2-II හා 2-III වෙළුම් පාර්ලිමේන්තුවේ මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පරිශීලනයට පමණක් අවස්ථාව සලසා දී ඇති බව ද කතානායකවරයා තවදුරටත් මෙහිදී සඳහන් කළේය.

Share post:

Popular

වෙනත් පුවත්

යාන්ත්‍රික දැකීම සහ සහකම්පනයෙන් නිරීක්ෂණය කිරීම

මෙම කාටූනය සරල කතාවක් සේ පෙනෙන ගැඹුරු අදහසක් කියන...

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...