වැරදි PCR පරීක්ෂණ වලට කියන අලුත් නම උණ ආසාදිතයන්

මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් 13 ක් දෝෂ සහිත බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

එම ආයතනයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ එම වැරදි වාර්තා නිකුත් වීම පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

කොරෝනා ආසාදිතයින් බවට පසුගියදා තහවුරු කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුට පසුව සිදුකළ පරීක්ෂණවලින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය.

අදාල තත්ත්වය පිළිබදව පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේෂ් සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඇති කිසිදු වෛද්‍ය රසායානගාරයක් මගින් මෙවැනි වාර්තා නිකුත් වී නොමැති බවයි.

පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් බවට හඳුනා ගැනුණු පුද්ගලයින් ආසාදිතයින් නොවන බවට යලි තහවුරු වීම පිළිබදව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදාල පරීක්ෂණ වාර්තාවල වෙනස්කම් සිදුව ඇති බවයි.

උපුටා  ගැනීම lankaviews.com

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...