වැරදි PCR පරීක්ෂණ වලට කියන අලුත් නම උණ ආසාදිතයන්

මෙතෙක් සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් 13 ක් දෝෂ සහිත බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනය පවසයි.

එම ආයතනයේ සභාපති රවී කුමුදේෂ් සඳහන් කළේ එම වැරදි වාර්තා නිකුත් වීම පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි.

කොරෝනා ආසාදිතයින් බවට පසුගියදා තහවුරු කෙරුණු පුද්ගලයින් කිහිපදෙනෙකුට පසුව සිදුකළ පරීක්ෂණවලින් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු විය.

අදාල තත්ත්වය පිළිබදව පැහැදිලි කරමින් වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ විද්වත් ආයතනයේ සභාපති රවී කුමුදේෂ් සදහන් කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ ඇති කිසිදු වෛද්‍ය රසායානගාරයක් මගින් මෙවැනි වාර්තා නිකුත් වී නොමැති බවයි.
‍
පී.සී.ආර්. පරීක්ෂණ වාර්තාවලින් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් බවට හඳුනා ගැනුණු පුද්ගලයින් ආසාදිතයින් නොවන බවට යලි තහවුරු වීම පිළිබදව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර ඇත්තේ මෙම වෛරසයේ ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදාල පරීක්ෂණ වාර්තාවල වෙනස්කම් සිදුව ඇති බවයි.

උපුටා  ගැනීම lankaviews.com

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...