ඩෑන් ප්‍රියසාද් වෙඩි තැබිමෙන් ජීවිතක්ෂයට පත් වු බවට මීට පෙර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවද ඔහු තවමත් ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා නැවත පවසා සිටියා.
ඒ් අනුව ඩෑන් ප්‍රියසාද් කොළඔ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව බුද්ධික මනතුංග මහතා පැවසුවා.
පොලීසිය මීට පෙර වාර්තා කළ වැරදි කරුණු සහිත පුවත පහතින්.
ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද (22) රාත්‍රියේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල්නිවාස සංකිර්ණයේ සිදුවු වෙඩි තැබිමකින් තුවාල ලද ඩෑන් ප්‍රියසාද් කොළඔ ජාතික රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසනවා.
වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබෙන බවයි පැවසෙන්නේ.
මෙම වෙඩි තැබිමෙන් තව එක් පුද්ගලයෙක් සුලු තුවාල ලබා තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන වැල්ලම්පිටිය පොලීසිය සිදුකරනවා.
what news