Breaking News

යෝජිත 2020 අප්‍රේයල් නීති ආඥාව (ඉතාලි රජය යෝජනා කළ නවතම සහන පැකේජය)

තීමස් විජිත්

අප්‍රේයල් මස 29 හා 30 ඉතාලි පාර්ලිමේන්තුවේ සහ සෙනට් සභාවේ ඡුන්ද විමසීම සඳහා නියමිත නීති ආඥාව මගින් යෝජිත සහන

Bonus figli fino ai 14 anni

වයස අවුරුදු 14 දක්වා ළමුන් සඳහා ප‍්‍රසාද දීමනාවක් ගෙවීම
ආර්ථික තත්ව දර්ශකය හෙවත් ISEE අනුව පවුලේ ආධායම් තත්වය මත මෙම දීමනාව හිමිවනු ඇත.

වයස අවුරුදු 14 දක්වා ළමුන් සඳහා ප‍්‍රසාද දීමනාවක් ගෙවීම. පවුලේ වාර්ෂික ආදායම යුරෝ 40.000ට වැඩි නම් යුරෝ 80ක් ද පවුලේ ආදායම යුරෝ 7000ත් 40.000ත් අතර නම් යුරෝ 120ක් ද වාර්ෂික පවුලේ ආදායම 7000ට අඩු නම් යුරෝ 160ක් ද ලෙස මෙම ප‍්‍රසාද දීමනාව හිමිවනු ඇත.

Bonus Bebe 

2020 ජනවාරි පලවෙනි දින සිට උපත ලැබූ දරුවන් සඳහා ප‍්‍රසාද දීමනාවක් ලබාදීම.

පවුලේ වාර්ෂික ආදායම යුරෝ 40.000ට වැඩිනම් යුරෝ 80ක් ද 7000ත් 40.000ත් අතර නම් වාර්ෂික පවුලේ ආදායම දීමනාව යුරෝ 120ක්ද වාර්ෂික ආදායම යුරෝ 7000ට අඩු නම් 160 ක දීමනාවක් ද ලැබෙනු ඇත.එහිදී එසේ උපන්නේ දෙවන දරුවා නම් ඉහත සඳහන් දීමනා සියයට 20ක් වැඩියෙන් ගෙවනු ඇත. ඒ අනුව යුරෝ 96ක් 144ක් සහ 192ක් වනු ඇත.

ඉහත දැක්වූ ප‍්‍රසාද දීමනා ඉල්ලූම් කිරීම CAF ආයතනයක් මගින් අදාල කොමූනෙ වෙත යොමු කළ යුතු වේ.
සෞඛ්‍ය හෝ වෙනත් හේතු නිසා මවුකිරි දීමට නොහැකි අවස්ථාවලදී දරුවාට කිරි සඳහා මාස හයක කාලයකට යුරෝ 400 ක දීමනාවක්ද , ආදායම් මට්ටම් අනුව පෙර පාසල් දීමනා වසරකට යුරෝ තුන්දාහ දක්වා වැඩි කිරීම ආදී තවත් සහන කීපයක් බෝනුස් බෙබේ 2020 යටතේ යෝජනා වී ඇත.

ඊට අමතරව වෙනත් ක්ෂේත‍්‍ර සඳහා යෝජනා වී ඇති දීමනා.

Colf,Badanti e Baby siter

රැකියා අහිමිවූ Colf,Badanti e Baby siter (ගෘහ සහ උපස්ථාන සේවය/ළමුන් බලා ගැනීම) සඳහා යුරෝ 500ක මාසික දීමනාවක් ලබා දීම.
Partita Iva හිමි ස්වයං රැකියාලාභීන් සඳහා මාර්තු මාසේ ගෙවන ලද මුදල වූ යුරෝ 600 වෙනුවට යුරෝ 800 බැගින් අප්‍රේයල් සහ මැයි මාස 2ක සඳහාද ගෙවීමට යෝජනාවේ.
තාවකාලික රැකියා අත්හිටවූ සේවකයින් සඳහා නියමිත Cassa L’integrazione ගෙවීම් ජූලි 31 දක්වා දීර්ඝ කර ඇත. මෙය නියමිතව තිබුණේ සති නමයකට පමණි.

Congedo නම් වූ ගෙවීම මැයි 3 දක්වා දීර්ඝ කළ අතර එයට විකල්පයක් ලෙස Bonus Baby Siter දීමනාව පාසල් නැවත විවෘත කරන තුරු ගෙවීම.

Bonus Vacanze 2020

සංචාරක ක්ෂේත‍්‍රයේ අය සඳහා යුරෝ 325ත් 500ත් අතර දීමනාවක් ගෙවීම.
ආයතන විසින් මාසිකව රජයට ගෙවිය යුතු මුදල් ගෙවීම් ජුනි 30 දක්වා දීර්ඝ කිරීම.

කෙසේ වුවත් මෙම නීති සංශෝධනය තවමත් සම්මත වී ගැසට් මගින් ප‍්‍රකාශයට පත්කර නැත. එම නිසා මෙහි යම් සංශෝධන සිදුවීමටද ඉඩ තිබේ. ඊට අමතරව ඉල්ලූම් කරන ක‍්‍රමවේද ඒ අනුව ප‍්‍රකාශයට පත්වනු ඇත.

තීමස් විජිත්

leave a reply