රුසියානු හමුදා තුන් පැත්තකින් යුක්‍රේනයට ප්‍රහාර දියත් කරයි

රුසියානු හමුදා යුක්‍රේනයට ප්‍රහාර එල්ල කරමින් සිටින අතර නගර සහ හමුදා කඳවුරු ඔවුන්ගේ ඉලක්ක වී තිබේ.

යුක්රේනයේ නැගෙනහිරවාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක‍්‍රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවල‍ෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වාර්තා වෙන ආකාරයට ගොඩබිමින්, ගුවනින් සහ මුහුදෙන් රුසියාව සිය ආක්‍රමණය සිදුකරමින් සිටියි. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන හමුදාවට සිය අවි බිම තබන ලෙස ඉල්ලා සිටීමෙන් අනතුරව ප්‍රහාර දියත් කිරීම ඇරඹුණි.

යුක්රේනය යුද නීතිය ප්‍රකාශයට පත් කර ඇති අතර රුසියාව සමඟ සියලු රාජ්‍යතාන්ත්‍රික සබඳතා අත්හිටුවා ඇත. යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබුනේ අවශ්‍ය ඕනෑම කෙනෙකුට ආයුධ ලබාදෙන බවයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති, ගුවන් හමුදා කඳවුරු ඇතුළත් වේ. කිසිම විටකත් සිවිල් ජනතාව සිටින ස්ථානවලට පහර නොදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පැවසීය. නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි මේ වනවිටත් සිවිල් වැසියන් මියගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ ප‍්‍රධානි ඇන්ටෝනියෝ ගුටේරස් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ඉල්ලා ඇත්තේ මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු ගෙන්වගන්නා ලෙසයි.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසා ඇත්තේ මෙය යුක්රේනයට පමණක් නොව මෙය මුළු යුරෝපයටම බලපාන කාරණයක් වන හෙයින් මනුෂ්‍යත්වයේ නාමයෙන් රුසියානු හමුදා ආපසු කැඳවන ලෙසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...