Breaking News

සමරනවනම් අපි කියන විදිහට සමරන්න – උතුරේ මහ විරු සමරුව කොන්දේසි

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට කිසිදු බාධාවක් නොමැති නමුත් එල්. ටී. ටී. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල පැවසීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබේ.

විශේෂයෙන් දකුණේ තිබූ සන්නද්ධ අරගලයත් මෙහෙයවූ පක්ෂයක් බලයට පැමිණ සිටින මොහොතේ උතුරේ පවතී සන්නද්ධ අරගලයකින් මියගිය සාමාජිකයන් සැමරීමට කොන්දේසි දැමීමට හේතුව කුමක්දැයි බොහෝ දෙනෙකු ප්‍රශ්නයක් වී තිබේ.

ගල්ගමුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට එක්වෙමින් මහජන ආරක්ෂක ඇමැතිවරයා මේ බව සඳහන් කළා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පවසා තිබුණේ උතුරේ ජනතාව ඇතැම් අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිත් ඇති බවයි.

උතුර , නැගෙනහිර, දකුණ, කඳුරට හෝ ඕනෑම අයෙකුට තමන්ගේ මියගිය දරුවන් ඇත්නම් ඔවුන් සිහිපත් කිරීමේ අයිතියක් තිබෙන බවට ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබුණා.

තවදුරටත් අදහස් දැක්වු ආනන්ද විජේපාල,

“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියකුගේ මියයෑම සමරන්න ඉඩ තියෙනවා. එහෙත් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ, එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිතා කරමින් බෑ. රටේ නීතියක් තියෙනවා, නීතියට අනුව කොටි සංවිධානය තහනම් සංවිධානයක්. හැබැයි ඕනෑම උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, කඳුරට වේවා, තමන්ගේ දරුවෙක් මියගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නෙ නෑ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් යළි ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍ය ස්ථාපිත කරන බව. අපි කාටවත් බාධා කරලා නෑ තමන්ගේ මියගිය ඥාතියා සිහිපත් කරන්න. ඒ හින්දා මං හිතන්නෙ බොහෝ විට මේ උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිල්ලා තිබෙනවා. නමුත් අපි රටට අවධාරණය කරන්න කැමතියි එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් සංවිධානයක්, ඔවුන්ට ඉඩකඩක් නෑ ඔවුන්ගේ ලාංඡන, නිල ඇඳුම්, බැනර් යොදාගනිමින් සැමරුම් කරන්න. එහෙත් අපි කිසි විටෙක බාධාවක් කරන්නෙ නෑ මේ රටේ කිසිදු පුද්ගලයකුගේ මියගිය ඥාතියකු සිහිපත් කිරීමට”.

මේ නොවැම්බර් මාසයේම ජනතා විමුක්ති පෙරමුණේ අරගලයකින් මියගිය විරුවන් සැමරීම සිදුවිය. එහිදී කවුරුන් හෝ කොන්දේසි දමන්නට පැමිණියේ නැත. නමුත් ආණ්ඩුව මේ කියන ආකාරයට උතුරේ සන්නද්ධ අරගලයකින් මියගිය වූවන් සමරිය යුත්තේ ආණ්ඩුවට ඕනෑ පරිදියි. එය එක්තරා ආකාරයකින් සුළුතර ජනතාවගේ අයිතිය උදුරා ගැනීමක් බව ආණ්ඩුව වටහා ගත යුතුය. උතුරේ සිදුවූ සන්නද්ධ නැගිටීම් සම්බන්ධයෙන් දේශපාලන විවේචන තිබිය හැක. නමුත් එම දේශපාලන සිදුවීම නිසා මිය ගිය අයවලුන් කෙසේ සැමරීමට අදාලව කොන්දේසි දැමීම එකඟ විය නොහැකි දෙයකි. එසේ සමරිමේදි එම දේශපාලනයට අදාළ දේවල් ප්‍රදර්ශනය වීමද වැලැක්විය නොහැකි වනු ඇත. මන්ද ඒ මිය ගිය අය මිය යන්නයි හුදු සාවබාවික සිදුවීමකින් නොව දේශපාලන කරණක්වක් නිසාවෙනි. උදාහරණයකට මෙහිදී සැමරෙන අයවලුන් ඇතුළත් ඡයාරූප ඔවුන් එල්. ටී. ටී. නිල ඇඳුමින් සිටියදී ගත් ඒව විය හැක. අනිත් කාරණය එල්. ටී. ටී තහනම් සංවිධානයක් කොට තිබෙන්නේ ලංකාවේ රාජ්‍යයයි. ජනතා විමුක්ති පෙරමුණද තහනම් සංවිධානයක් ලෙස පැවතුණි. එම තහනම ඉවත්වීම පිටුපස පවතින ප්‍රධාන කාරණයක් වන්නේ එය දකුණේ ක්‍රියාත්මක සිංහල ජනතාව නියෝජනය කරන්නක් වීම බව බැහැර කළ නොහැකි සාධකයකි.

එසේම කවුරුන් හෝ මෙම සැමරුම් හරහා එල්. ටී. ටී සංවිධානය නැවත හිස එසවීමට ඉඩ ඇති බව කියන්නේ නම් යුද්ධය අවසන් වි වසර 15ක් පමණ ගතවීත් එය සිදුනොවූ පසුබිමක දැන් එය සිදුවන්නේ කෙසේදැයි යන ප්‍රශනය මතුවේ. එල්. ටී. ටී සංවිධානයේ අදහස් වැලැක්වීමට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශනය විසඳීමට අදාලව කඩිනම් විසදුම ඉදිරිපත් කිරීමයි.omo

leave a reply