වීසා වංචාව යට යන ලකුණු – හර්ෂගේ වාර්තාව ප්‍රතික්ෂේප වෙලා

වීසා නිකුත් කිරීම සඳහා VFS ආයතනයට අවසර දීම සම්බන්ධයෙන් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව මුදල් කාරක සභාවේ බහුතර මන්ත්‍රීන් විසින් ප්‍රතික්ෂේප කරන බව දන්වා කතානායක මහින්ද යාපා අබේවර්ධන ට ලිපියක් බාර දී ඇත.

බෙහෙවින් ආන්දෝලනයට ලක්වූ VFS වීසා ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනය කොට ඒ ගැන පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් කාරක සභාවට නියම කර තිබිණි. ඒ අනුව අදාළ විමර්ශනය සිදු කර ඇත.

එකී වාර්තාව මුදල් කාරක සභාවේ ඒකමතික තීන්දුවක් අනුව සැකසූ වාර්තාවක් ලෙස සඳහන් වුවද කාරක සභාවේ සාමාජික මන්ත්‍රීන් 27 දෙනාගෙන් 16 දෙනකුම එය ප්‍රතික්ෂේප කරන බව කතානායකවරයාට බාරදුන් ලිපියේ සඳහන්ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මතය සාධාරණ ලෙස වාර්තාවට ඇතුළත්ව නැති බව එම මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...