රනිල් වෙනුවෙන් ඉන්නේ 92යි!

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා කැපවන බවට, මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදියි.

මේවනවිට පොහොට්ටුව නියෝජනය කළ මන්ත්‍රීවරු රැසක් රනිල් සමඟ එක්වන බවට මත පළකර තිබේ.

රනිල් වික්‍රමසිංහට තමන්ගේ පූර්ණ සහය ලබා දෙන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඊට අමතරව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අජිත් රාජපක්ෂ, ගාමිණී වලේබොඩ, ප්‍රේම්නාත්සී.දොළවත්ත,‍ මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, එස්.බී දිසානායක ,ලොහාන් රත්වත්තේ,ගීතා කුමාරසිංහ සහ අලි සබ්‍රි ඇතුළු විශාල මන්ත්‍රීවරු පිරිසක් සහය පලකිරීමට සූදානම් බව පැවසෙනවා.

නමුත් මෙහිදී තවත් ගැටළුවක් මතුව තිබෙනවා. එයට හේතුව මේ සංඛ්‍යා ලේඛන අනුව රනිල පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව ඔප්පු වීමයි. මේ අනුව මෙම තත්ත්වය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසිරවිය හැකි බවට මත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...