රනිල් වෙනුවෙන් ඉන්නේ 92යි!

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා කැපවන බවට, මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදියි.

මේවනවිට පොහොට්ටුව නියෝජනය කළ මන්ත්‍රීවරු රැසක් රනිල් සමඟ එක්වන බවට මත පළකර තිබේ.

රනිල් වික්‍රමසිංහට තමන්ගේ පූර්ණ සහය ලබා දෙන බව පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා. ඊට අමතරව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, අජිත් රාජපක්ෂ, ගාමිණී වලේබොඩ, ප්‍රේම්නාත්සී.දොළවත්ත,‍ මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම, කාංචන විජේසේකර, එස්.බී දිසානායක ,ලොහාන් රත්වත්තේ,ගීතා කුමාරසිංහ සහ අලි සබ්‍රි ඇතුළු විශාල මන්ත්‍රීවරු පිරිසක් සහය පලකිරීමට සූදානම් බව පැවසෙනවා.

නමුත් මෙහිදී තවත් ගැටළුවක් මතුව තිබෙනවා. එයට හේතුව මේ සංඛ්‍යා ලේඛන අනුව රනිල පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති බව ඔප්පු වීමයි. මේ අනුව මෙම තත්ත්වය පාවිච්චි කරමින් පාර්ලිමේන්තුව විසිරවිය හැකි බවට මත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...