Breaking News

‘පාංශු’ අගෝස්තු 21 සිට සිනමාශාලාවල

සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවැනි සිනමාපටය ‘පාංශු’ අගෝස්තු මස 21 වනදා සිට තිරගත වීමට නියමිතය. පසුගිය වසරේ ප්‍රංශයේ පැවති නීස් අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ මෙහි ප්‍රධාන චරිතය රංගනය වෙනුවෙන් නීටා ප්‍රනාන්දුයි. ඇය සමඟ ජගත් මනුවර්ණ, නදී කම්මැල්ලවීර, සේවියර් කනිශ්ක, මයුර කාංචන ‘පාංශු’ සිනමාපටයේ චරිත නිරූපණය කරති.

අතුරුදන් වූ පුතෙක් සොයා යන මවක් වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත පාංශු අන්තර්ජාතික සම්මාන උලෙළ කිහිපයකින්ම ඇගැයුමට පාත්‍ර විය. මෙහි අධ්‍යක්ෂ විසාකේස පළමු වරට නිර්මාණය කළේ සයපෙති කුසුම සිනමාපටයයි.

leave a reply