ස්ත්රීන්ට සමාජ ජීවිතය තුළ දී මෙන්ම දේශපාලනික අවකාශ තුළද තීරණ ගැනීමේ නායකත්ව තලයන්ට පැමිනීමට ඇති ඉඩ තවමත් ඉතා අවමය. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ස්ත්රින් සවිබල ගැන්වීම සදහා වූ එක්සත් ජාතීන්ගේ ආයතනය පවසන ආකාරයට ගෝලීයව ගත්කල දේශපාලන ජීවිතය තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළගා කර ගැනීම ඉතා දුරස් වූ ඉලක්කයක් වී ඇත.
පහත දැක්වෙන්නේ වර්තමානයේ ගෝලීය දේශපාලන අවකාශය තුළ ස්ත්‍රී නියෝජනය සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් තරනු ලබන දත්ත කිහිපයකි.
රජයේ විධායක නායකත්ව තලයේ ස්ත්‍රී සහභාගීත්වය.
· වර්තමානයේ ස්ත්‍රී රාජ්‍ය නායකයින් සිටින්නේ ලෝකයේ රටවල් 29ක පමණි. (2024 වසරේ ඔක්තෝබර් මාසය වනවිට ) මේ අනුපාතයට අනුව රටක නායකත්වය තලයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තවත් වසර 130කට ලගා නොවනු ඇත.
· රටවල් 19ක ස්ත්‍රි ජනාධිපතිවරියන් සිටින අතර රටවල් 18 ක ස්ත්‍රී අග්‍රාමාත්‍යවරියන් සිටියි.
· 2024 ජනවාරීවන විට විවිධ අමාත්‍යාංශ නියෝජනය කරන කැබිනට් සාමාජිකත්වයෙ ස්ත්‍රී අනුපාතය 23.3% ක් වේ. කැබිනට් තනතුරුවලින් සියයට 50% හෝ ඊටවැඩි ප්‍රමාණයක් ස්ත්‍රීන් දරන රටවල් ඇත්තේ 15ක් පමණි.
· ස්ත්‍රී කැබිනට් අමාත්‍යාවරුන් බහුලව දරන අමාත්‍යාංශ වනුයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ගොඩනැගීම, පවුල් සහ ළමාරක්ෂණ, සාමාජ අන්තර්ග්‍රහණය සහ සංවර්ධනය, සමාජ ආරක්ෂණය සහ ආරක්ෂාව සහ ස්වදේශීක සහ සුළුජනයයා සම්බන්ධ කටයුත් යන අමාත්‍යාංශ පහයි.
ස්ත්රීන්ගේ පාර්ලිමේන්තු නියෝජනය.
· 1995 දී 11% වූ පාර්ලිමේන්තු නියෝජනය මේවන විට 26.9ක් වී ඇත.
· ඉහළ සහ පහළ මන්ත්‍රී මණ්ඩලවල පාර්ලිමේන්තු නියෝජනයෙන් 50% හෝ ඊට වැඩි ප්‍රතිශතයක් ස්ත්‍රීන් සිටින රටවල් ඇත්තේ පහක් පමණි. ඒවානම් රුවන්ඩාව (61%) කියුබාව (56%) නිකරගුවාව (54%) ඇන්ඩෝරාව (50%) මෙක්සිකොව (50%) නවසීලන්තය (50%)
· යුරොපා කලාපයේ රටවල් 13ක්, අප්‍රිකානු කලාපයේ රටවල් 5ක්, ලතින් ඇමෙරිකානු සහ කැරිබියානු කලාපයේ රටවල් 4ක් සහ ආසියා පැසිෆික් කලාපයේ එක් රටක් ඇතුළුව රටවල් 22ක් ස්ත්‍රී නියෝජනයේ 40% සීමාව අත්පත් කරගෙන ඇත.
· ගෝලීයවශයෙන් ගත්කළ 10%කට වඩා අඩු ස්ත්‍රී නියෝජනයක් ඇති රාජ්‍ය 21 ඇති අතර කිසිම ආකාරයේ ස්ත්‍රී නියෝජනයක් නැති රාජ්‍ය දෙකක් ඇත.
· ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ පාර්ලිමේන්තු ආසනවලින් 36%ක් ස්ත්‍රීන් සතු අතර යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 33%ක් ස්ත්‍රීන් වේ. උප සහරා අප්‍රිකාවේ නීති සම්පාදකයින්ගෙන් 27% ක් ස්ත්රීන්වන අතර, නැගෙනහිර සහ අග්නිදිග ආසියාව එම අනුපාතය 23% ක්, ඕෂනියාවේ 20% ක් වේ. එමෙන්ම, මධ්‍යම සහ දකුණු ආසියාව සහ උතුරු අප්‍රිකාව සහ බටහිර ආසියාව යන කලාප දෙකෙහිම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට 18%ක් ස්ත්‍රීන් වේ.
තීරණ ගැනීම සම්බන්දයෙන් ස්ත්‍රීන් සහ පිරිමින් අතර සමබර දේශපාලන සහභාගීත්වය අදවනවිට ජාත්‍යාන්තරව එකඟ වූ ප්රඥප්තියක් බවට පත්වී ඇත. නුමුත්, මේ දත්තවලට අනුව පෙනි යන්නේ ගෝලීයව ගත් කලද දේශපාලනයේ නායකත්ව තලයේ ස්ත්රීන්ට ඇති අවකාශය තවමත් පවතින්නේ පහළ තලයක බවය.
දේශපාලන නායකත්ව තලය තුළ ස්ත්‍රී සහභාගීත්වය වැඩි කිරීම හුදු ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවයේ ප්‍රතිශත සමාන කිරීමේ ගණිතමය සමීකරණයකට හෝ දේශපාලන නිවැරැදි භාවයේ අලංකාරිකයකට එහා ගිය දෙයකි. එය සමස්ත මානව ජනගහනයේ 50%ක් පමණවන කොටසකගේ අත්දැකීම්, පරිචයන්, සුවිශේෂතාවන්, දැක්මවල් සහ සංවේදනයන් දේශපාලන අවකාශය තුළට ඇතුලත් කිරීමකි. එය පුළුල් ලෙස ගත් කළ ප්රගතිශීලී සාර්ව සමාජ දැක්මක අනිවාර්ය වූ අංගයකි.