Breaking News

වෙළඳ සැල් විවෘත කරන්නෙ නැහැ – භාණ්ඩ ප්‍රවාහනයට සුපිරි වෙළඳසැල්වලට අවස්ථාව

සුපිරි වෙළඳසැල් විවෘත කර භාණ්ඩ බෙදා හැරීමට අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය වූ බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි. ඕනෑම පුද්ගලයෙකුට සුපිරි වෙළඳසල්වලට ඇණවුම් ලබාදීම හරහා භාණ්ඩ නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු පැවසීය. එසේම අද බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ආර්ථික පුනර්ජීවන සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සාකච්ඡාවකදී සාමාන්‍ය වෙළඳ සල් විවෘත නොකිරීමට තීරණය කර තිබේ . මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවසුවේ ඕනෑම සුපිරි වෙළඳ සැලකට, සමුපකාර ආයතනයකට භාණ්ඩ ප්‍රවාහන රථ 15ක් පවත්වාගෙන යාමේ බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇති බවයි.

මේ අනුව අවස්ථාව භාණ්ඩ වෙළදාම සඳහා අවස්ථාව ලැබීමට නියමිතව ඇත්තේ විශාල පරිමාණයේ වෙළඳුන්ට පමණි. සුපිරි වෙළඳ සල් හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී අවම වශයෙන් රුපියල් 2000ට වඩා භාණ්ඩ මිලදී ගතයුතු බවට සීමා දැමීම සහ භාණ්ඩ ප්‍රවාහනයට අමතර ගාස්තු අයකිරීම සිදුවේ. මේ නිසා අඩු අදායම් ලාභී බොහෝ දෙනෙකුට භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී යනු ඇත. මීට අමතරව දින තුනක් සඳහා පමණක් ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කරන බව ආණ්ඩුව ප්‍රකාශ කිරීම නිසා බස්නාහිර පළාතේ බොහෝ පිරිසක් භාණ්ඩ මිලදී ගෙන තිබුනේ දින තුනකට පමණ පමණි. නමුත් හදිසියේ ආණ්ඩුව විසින් ඇඳිරි නීති කාලය දීර්ඝ කරන ලදී. මේ නිසා බොහෝ පිරිසක් අපහසුතාවයට පත්ව සිටියි.

ඊට අමතරව සුපිරි වෙළඳ සල්වලට පමණක් භාණ්ඩ බෙදාහැරීමට අවස්ථාව ලබාදීම හරහා සුළු පරිමාණ වෙළඳුන් බොහෝ දෙනෙකුට ආර්ථික වශයෙන් පහර වැදීමක් සිදුවේ. ඇඳිරි නීතිය හේතුවෙන් මේ මොහොත වෙන විටත් සුළු පරිමාණ වෙළඳුන්ගේ අදායම් මාර්ග අහිමි වී ඇත.

leave a reply