‘ UN හියුමන් රයිට්ස් ලියුම තුට්ටු දෙකකට ගණන් ගන්නේ නෑ’ – පොලිසිය බාර ඇමති

යුක්තියේ මෙහෙයුමේ දී මානව හිමිකම් උල්ලංඝනය වන බවට නිසි සොයා බැලීමකින් තොරව නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිකුත් කළ ලිපිය තුට්ටු දෙකකට මායිම් නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අද (ජනවාරි 18) පැවසුවේය.

” UN එකේ ඉහළ පෙළේ මහත්තයෙකුට මම ඊයේ පෙරේදා ආවහම එයාගේ මූණටම කිව්වා කරුණාකරලා ඔය හියුමන් රයිට්ස් එකේ අයට කියන්න මෙහෙම ස්ටේට්මන්ට් දෙන්නේ නැතුව අපෙන් ඉස්සෙල්ල අහන්න. අපෙන් ඉස්සෙල්ලා දැනගන්න අපි කරන්නේ මොකද්ද?. ඊට පස්සේ වැරදි යමක් කරනවනම් මොනවාහරි කිව්වට කමක් නෑ.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.

යුක්තියේ මෙහෙයුම ක්‍රියාත්මක කළ මාසය තුළ රටේ සමස්ත අපරාධවලින් 17% ක් අඩුවී ඇති බව අමාත්‍යවරයා පවසයි.

කොළඹ නගරයට ඇතුළුවන රියදුරන් කරන වැරදි CCTV ඔස්සේ නිරීක්‍ෂණය කර දඩකොළ නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ජනවාරි 22වෙනිදා සිට ආරම්භ කරන බවත්, තමන් ලංකාවේ කුමන පලාතක සිටිය ද අදාළ පොලිස් ස්ථානය හරහා වරදට අදාළ චෝදනා යොමු කෙරෙන බවත් මෙම මාධ්‍ය හමුවට එකතුවූ වැඩ බලන පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් කියා සිටියේය.

ටිරාන් සහ දේශබන්දුගේ මෙම ප්‍රකාශ හරහා පැහැදිලි වන්නේ ඔවුන් නීතිය යනු ඔවුන් බව සිතන බවයි.

Share post:

Popular

More like this
Related

22ට එරෙහි පෙත්සම් අහන්න සම්පූර්ණ විනිසුරු මඩුල්ලක ඉල්ලීම ඉවතට

විසි දෙවන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාලව ඉදිරිපත් කර...

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු තුන් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..!

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මූදුබත් වීමේ සිදුවීමට අදාලව, නැව් සමාගමෙන්...

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...