රනිල් ආපහු පාර්ලිමේන්තු එයිද?

මෙම මහ මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ තරඟකළ ‘කුසලානය’ සන්ධානයේ රෝහිත අබේගුණවර්ධන සහ අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවට පත්ව ඇත

නව පාර්ලිමේන්තුවට පත් කරන නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් උද්ගතවී තිබෙයි. දැනට වාර්තා වන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම්වරිය විසින් එක මන්ත්‍රී ධූරයක් සඳහා රවී කරුණානායක නම් කරන බවට මැතිවරණ කොමිසමට දන්වා යවා තිබෙයි. නමුත් වාර්තා වෙන ආකාරයට රනිල් වික්‍රමසිංහ මෙම තීරණය සම්බන්ධයෙන් විරෝධcය දක්වා තිබේ. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙකුත් පක්ෂ වලට ඔහු පවසා ඇත්තේ නම් කිරීම සිදුව ඇත්තේ එම පක්ෂයට අයත් අනෙකුත් පක්ෂවල කිසිදු අනුමැතියකින් තොරව බව ය.

මෙම පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා හෙට ඔවුන් රැස්වීමට නියමිත බවද ර රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ඊට පෙර එම පෙරමුණේ ලේකම්වරිය විසින් රවී කරුණානායකගේ නම නම් කිරීම අත්තනෝමතික ක්‍රියාවක් බව ඔහු පවසා ඇත.

නව රජයේ හිටපු අමාත්‍ය කාංචන විජේසේකර එක මන්ත්‍රී ධුරයක් ලබාදෙන ලෙස හිටපු මැති ඇමතිවරුන්ගෙන් සමන්විත ‘පොදුජන එක්සත් නිදහස් සන්ධානය’ (කුසලාන) මහ ලේකම්, වෛද්‍ය රමේෂ් පතිරණ විසින් රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තාවේ.රනිල් වික්‍රමසිංහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (සිලින්ඩරය) නායකයා වන අතර එම පෙරමුණ පාර්ශව හතරකින් සමන්විත වේ. ඒ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හිටපු මැති ඇමතිවරුන්ගෙන් සමන්විත ‘පොදුජන එක්සත් නිදහස් සන්ධානය’ (කුසලාන) හා ලන්සා – අනුරයාපා ගෙන් සමන්විත නව සන්ධානය එම පාර්ශව හතරයි.

මෙම මහ මැතිවරණයේදී ‘සිලින්ඩරය’ ලකුණ යටතේ තරඟකළ ‘කුසලානය’ සන්ධානයේ රෝහිත අබේගුණවර්ධන සහ අනුරාධ ජයරත්න පාර්ලිමේන්තුවට පත්ව ඇත.

එම ඡන්ද ප්‍රතිපලයට අනුව තම සන්ධානයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය යුතුබව ‘කුසලානය’ සන්ධානයේ ස්ථාවරය වී ඇත.

දේශපාලන විශ්ලේෂකයන් පවසන්නේ කුසලානයට ලබාදීමෙන් පසු ඉතිරිවන මන්ත්‍රී ධූරය රනිල් වික්‍රමසිංහ ල තමන් පත් කර ගැනීමට උත්සාහ කරනු ඇති අතර එයට ඉඩ නොලැබුණහොත් රවී කරුනානායක වැනි ඔහුට පක්ෂපාතී පුද්ගලයකු පත්කර ගැනීමට උත්සාහ කරනු ඇත. කරුණානායකගේ නම යෝජනා කිරීම ඔහුගේම සැලසුමක් අනුව සිදුවන්නට ඇති බවට බොහෝ දෙනෙක් මත පල කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...