Breaking News

ලංකාවේ ණය කන්ද ඩො. බි. 100යි, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඩො. බි. 5.8යි

ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට එළඹී ඇතැයි ආණ්ඩුව පවසයි. මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය අදාළ වන්නේ ලංකාව විසින් ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය වැනි රටවල්වලින් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙනුයි. දැනට චීනයෙන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙනුත් අවිනිශ්චිතතාවයක් පවතින බව පෙනෙන්නට තිබේ.

කෙසේවෙතත් ද්වීපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ චීන අපනයන – ආනයන බැංකුව සමගද ගිවිසුම් අත්සන් කිරීමට සූදානම්ව සිටින බව රජය පවසයි.

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නමුත් මෙය කැපී පෙනෙන ණය සහනයක් වන්නේ කෙසේද යන ප්‍රශ්නය ජනතාව ඉදිරියේ පවතියි.දැනට ලංකාවේ දේශීය සහ විදේශීය ණය ඩොලර් බිලියන 100 ඉක්මවා තිබේ. විදේශ ණයවලින් සියයට 50ට ආසන්නව ඇත්තේ පෞද්ගලික ණය හිමියන්ගෙන් ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබාගත් ණයයි. එසේ තිබියදී ඉතා කුඩා ප්‍රමාණයකින් පමණක් ණය ප්‍රතිව්‍යුහගතකරණයකට එකඟ වීම හරහා ලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොලැබෙනු ඇත.

 

 

leave a reply