නන්දලාල් හොදයි – මහින්ද ගොඩක් හොඳයි

රජයේ වගකිවයුතු අංශවල නිලධාරීන් ලෙස පසුගිය ආණ්ඩුවේ සිටි පුද්ගලයන්ම තබා ගැනීමට නව ආණ්ඩුව තීරණය කිරීම ගැන කතා බහක් ඇති තිබේ.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.එම්. මහින්ද සිරිවර්ධනම පත් වී තිබේ. ඊට අමතරව ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක යන අමාත්‍යාංශවල වගකීම් ද පවරා ඇත.

මීට අමතරව මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නන්දලාල් වීරසිංහ තබා ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා (25) පස්වරුවේ පී. නන්දලාල් වීරසිංහ සහ මහින්ද සිරිවර්ධන ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබදවත්, ආර්ථිකය ස්ථාවර කිරීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදවත් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද වාර්තා වේ.

මහින්ද සිරිවර්ධන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම ලබා ගැනීම සහ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට සුවිශේෂී දායකත්වයක් දැක් වූ ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය සහ භූතානයට විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊට අමතරව ඔහු ප්‍රසිද්ධියක් ඉසිලුවේ රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් පළාත් පාලන මැතිවරණය සඳහා වෙන් කිරීමට මුදල් නොමැති බවත්, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සඳහා මුදල් නොමැති බවත් පැවසීම නිසයි.

ඊට අමතරව නන්දලාල් වීරසිංහ ගැන කතා කළද ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ලෙස කටයුතු කර තිබුණි. ඔහු විශේෂ ප්‍රසිද්ධියක් උසුලනු ලැබුවේ රටේ මහ බැංකු අධිපතිවරයා වීමට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු ලෙස ක්‍රියාකිරීම නිසයි. එසේම ආණ්ඩු වෙනසක් සිදුවුවහොත් දැනට රටේ සිදුවන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩකටයුතුවලට බාධාවක් සිදුවෙනු ඇති බවට නිතර නිතර අනතුරු අඟවන ලදී. ඊට රටේ ජනතාව අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී මහ බැංකු නිලධාරීන්ට විශේෂ වැටුප් වැඩි කිරීමක් සිදුකර ගැනීම නිසාද නනදලාල් ගැන ආන්දෝලනයක් නිර්මාණය විය.

විශේෂත්වය වන්නේ මෙම දෙදෙනාම මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහ බැංකු අධිපති ධූරවලට පත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ විසිනි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...