Breaking News

මේ වසරේත් රටට වැඩිපුරම විදේශ විනිමය පැමිණ ඇත්තේ මැද පෙරදිග රටවල ශ්‍රමිකයන්ගෙන්

විදේශ ප්‍රේෂණ ලැබීම සම්බන්ධයෙන් අලුත් යාන්ත්‍රණය හරහා මේ වන විට මහ බැංකුව විසින් වසරක දත්ත එකතු කරගෙන තිබෙනවා. ඒ වාර්තා අනුව පෙනී යන්නේ මේ වසර වලදීත් අපේ රටට වැඩිපුර විදේශ විනිමය ලැබී ඇත්තේ ඇත්තේ මැදපෙරදිග රටවල් සඳහා ගොස් සිටින විදෙස් ශ්‍රමිකයන් හරහා බවයි. මැදපෙරදිග රටවල් සඳහා යන බහුතරයක් කාන්තාවන් වේ.

2022 අවසන් කාර්තුවේ සිට 2023 තෙවන කාර්තුව දක්වා වසරක කාලය තුළ ලංකාවට ලැබී තිබෙන ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,560.5ක්. ඒ පහත පරිදියි.

2022 සිවුවන කාර්තුව – ඩොලර් මිලියන 1,215.4
2023 පළමු කාර්තුව – ඩොලර් මිලියන 1,413.2
2023 දෙවන කාර්තුව – ඩොලර් මිලියන 1,409.4
2023 තෙවන කාර්තුව – ඩොලර් මිලියන 1,522.5

පසුගිය වසරක කාලයේ ප්‍රවණතා අනුව 2023 සිවුවන කාර්තුව තුළ ඩොලර් මිලියන 1,600 ඉක්මවන ප්‍රේෂණ ප්‍රමාණයක් ලංකාවට ලැබේයැයි ඇස්තමේන්තු කළ හැකි අතර ඒ අනුව 2023 වසර තුළ ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රේෂණ ප්‍රමාණයක් ඉලක්ක කළ හැකියි.

ඉහත සඳහන්, 2023 සැප්තැම්බර් දක්වා වූ වසරක කාලය තුළ ලංකාවට ලැබුණු ඩොලර් මිලියන 5,560.5ක ප්‍රේෂණ ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් පමණම, එනම් ඩොලර් මිලියන 3,635.4ක්ම, ලැබී තිබෙන්නේ රටවල් අටකින්. පහත තිබෙන්නේ එම රටවල් අටයි.

කුවේට් – ඩොලර් මිලියන 612.7
කටාර් – ඩොලර් මිලියන 564.6
එක්සත් අරාබි එමීර් රාජ්‍යය – ඩොලර් මිලියන 523.7
සවුදි අරාබිය – ඩොලර් මිලියන 494.6
ඇමරිකා එක්සත් ජනපදය – ඩොලර් මිලියන 433.8
දකුණු කොරියාව – ඩොලර් මිලියන 384.7
එක්සත් රාජධානිය – ඩොලර් මිලියන 312.3
ඉතාලිය – ඩොලර් මිලියන 309.0

 

leave a reply