2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සහ ඉන් අනතුරුව සිදුකෙරුණු පරීක්ෂණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබෙනවා.
මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතාගේ ‘පාස්කු ඉරිදා ප්‍රහාරය,පාර රාජ්‍යයේ සෙවනැලි සහ නොවිසදුනු අභිරහස්’ යන කෘතිය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ශානි අබේසේකර මේ බව සඳහන් කළා.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය තීරණාත්මක අවධියක තිබෙන විට හමුදා බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නොමඟ යවා තිබීම පිළිබඳවත් බුද්ධි අංශ සහ ප්‍රහාරකයින් අතර ඇති තිබිය හැකි මූල්‍ය සබඳතා පිළිබඳවත් ශානි අබේසේකර මහතා මෙහිදී අවධාරණය කර සිටියා.
ඔහු සඳහන් කළේ, පාස්කු ඉරිදා ප්‍රහාරය කුමන්ත්රණකාරී පෙර හැසිරීමකින් මෙන්ම සංවිධානාතක්මක ස්වරූපයකින් සිදුවූවක් වන අතර එය හුදෙකලා සිදුවීමක් නොවන බවයි.
එය යම් කණ්ඩායමකගේ අවශ්‍යතාවය සිදු වී ඇති බව මේ වන විට අනාවරණය වී ඇති සාක්ෂි අනුව පැහැදිලිව පෙනී යන බවද ශානි අබේසේකර මෙහිදී සඳහන් කළා.
හමුදා බුද්ධි අංශ විසින් මෙම විමර්ශනවලදී අවස්ථා දෙකකදී ව්‍යාජ ලෙස සාක්ෂි ලබා දී ඇති බවද ඔහු මෙහිදී චෝදනා කර සිටියා.
එහි පළමු සිද්ධිය වන්නේ දෙහිවලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මියගිය බෝම්බකරුගේ සිද්ධියයි.
බෝම්බකරුට හමුදා බුද්ධි අංශ සමඟ සම්බන්ධයක් තිබූ බවට එහිදී හෙළි වී තිබුණත් පසුව එම තොරතුරු වසන් කර ඇති බව ශානි අබේසේකර මෙහිදී සඳහන් කළා.
දෙවැනි සිද්ධිය වශයෙන් ශානි අබේසේකර වව්නතිව්හි සිදුවූ ඝාතනය පිළිබඳව විස්තරාත්මකව අදහස් දැක්වු අතර ඔහු සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන්ද බුද්ධි වාර්තා ලබා දීමේදීද හමුදා බුද්ධි අංශ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවයි.
ප්‍රහාරවලට පෙර ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ආයතනයක් විසින් වගකිව යුතු කණ්ඩායමකට යම් මූල්‍ය ප්රතිලාභ ලබාදී ඇති බව පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇති බවද ඔහු මෙහිදී අනාවරණය කළා.
විමර්ශනය සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමේදී හමුදා බුද්ධි අංශ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාම නොමඟ යවා ඇති බවත් ශානි අබේසේකර මෙහිදී අවධාරණය කළා.
එමෙන්ම, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම විමර්ශනවලට බාධා කිරීම සම්බන්ධයෙන්ද කිරීම සම්බන්ධයෙන් ශානි අබේසේකර මහතා මෙහිදී රාජපක්ෂ පාලනයට චෝදනා එල්ල කළා.
එමෙන්ම, අගමැතිවරයා පත් කිරීමටත් පෙර තමාව ස්ථාන මාරු කිරීමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ බවත් ශානි අබේසේකර මෙහිදී සඳහන් කළා.