කොතලාවල පනතට විරුද්ධ වීම නිසා අත්අඩංගුවට ගත් සිසු – කම්කරු ක්‍රියාකාරීන්ට එරෙහි නඩුව අගෝ. 17 දක්වා කල් යයි

කොතලාවල පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතා දැක්වූ වරදට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සහ සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩු විභාගය අගෝස්තු 17 දක්වා කල් දමා තිබේ.

මෙම නඩුව අද කඩුවෙල අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා නිවාඩු ගොස් සිටීම නිසා වැඩ බලන මහේස්ත්‍රාත් සන්ධ්‍යා තල්දූව, නඩු විභාගය 17වනදා දක්වා කල් දැමීමට තීරණය කර ඇත.

පසුගිය 03වනදා කොතලාවල පනතට එරෙහිව පාර්ලිමේන්තු මාර්ගයේ විරෝධතාවය සඳහා සම්බන්ධ වීම හේතුවෙන් නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරයේ චමීර කොස්වත්ත සහ කෝෂිලා හංසමාලි එදින රාත්‍රියේම අත්අඩංගුවට ගෙන තිබුණි.

එසේම රත්මලාන, සිරස Stein මැදිරියේ පැවති ‘මාවත’ වැඩසටහනට සහභාගිව පිටත්ව යමින් සිටියදී, 6වැනිදා අලුයමදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ද පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

ඊට අමතරව 5 වැනිදා පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී එම විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සන්දීප පැහැර ගෙන ගොස් තිබුණි. පසුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගත් බව පිළිගන්නා ලදී.

මේ සියලු දෙනා කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද (11) දින දක්වා රක්ෂිත බන්ධාගාර ගත කර තිබුණි.

කෙසේවෙතත් අද දින මෙම ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් දෙදෙනා සහ දේශපාලන ක්‍රියාකාරීන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර නඩුව නැවත කැඳවීම අගෝස්තු 17 දක්වා කල් දැමීමට තීන්දු කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...