Breaking News

අනාගත පරපුරේ කරමතට ණයබර තැබූ බව ප්‍රකාශ කිරීමට රනිල් ජාතිය ඇමතීම

රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතූ කතාවේ අවසානයට කියා සිටියේ තවදුරටත් තමන් පිළිබඳව විශ්වාසය තබා තමන්ට මේ රට ගොඩනගන්නට භාරදෙන්න කියලයි. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වූවොත් තමන්ව තෝරා ගැනීම තරම් ඵලදායී ප්‍රතිඵලයක් අන් අයගෙන් නොලැබෙන බව රනිල් මේ කතාවෙන් ජනතාවට ඒත්තු ගන්වන්න උත්සාහ කළා.

මේ ජාතිය ඇමතීමේ කතාවේ අලුතෙන් ගන්න කිසිම දෙයක් අපට තිබුණේ නැහැ.

රනිල් ජාතිය අමතනවා යයි ප්‍රකාශ කරමින් කලේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුත්තක් සඳහා තමන්ගේ පිටකසාගැනීමයි. ඒ හැර වෙන කිසිවක් මේ කතාව ඇතුලෙ තිබුණේ නැහැ. හැබැයි එහෙමයි කියලා මේ කතාව බැහැර කරන්න බැහැ.

රනිල් ජාතිය ඇමතුවේ තවත් සුවිශේෂී කරුණක් රටට කියන්න ඒක තමයි අපි රනිල්ට කලින් දැනගෙන සිටි කරුණ . ඒ තමයි අපට ණය දුන් උන් ටික එකතු වෙලා අපිට ණය ගෙවන්න යම් සහන කාලයක් දෙනවා කියන එක. මේ සහන කාලය ලැබීම තුළින් වැඩිම වාසියත් වෙන්නේ රටේ ජනතාවට නෙමෙයි වැඩිම වාසියක් වෙන්නේ මේ මොහොතේ දේශපාලනික වශයෙන් රනිල්ට. මේ ණය ගෙවීමට ලබාදුන් සහන කාලය හේතුවෙන් රනිල්ට රටේ ආර්ථික අර්බුදය හංගගන්න අවස්ථාවක් උදාවෙනවා.

සුභ ආරංචියක් ලෙස ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරලා රනිල් අප වෙත ගෙන ආවේ ඇත්තටම සුභ ආරංචියක් නෙමෙයි අසුභ ආරංචියක්. රටේ ජනතාවට මේක අසුභ උනාට වික්‍රමසිංහට මේ ආරංචිය සුබයි.

රනිල් අද ගෙනාපු ආරංචිය අසුභ වෙන්නේ අපේ රටේ අනාගත පරපුරට. ඒ මොකද ? රනිල් මේ කරන්න උත්සාහ කරන්නේ 75 වසරකට වැඩි දේශපාලන ඉතිහාසයක් තුළ අප කර මත පටවා තිබෙන බර හෑල්ලු කළා යැයි කියමින් අනාගත පරපුරේ කර මතට පටවන්නටයි. මේ ණය හිමියෝ එක්ක එකතුවෙලා රනිල් ගේ ආණ්ඩුව කළේ ණය කපා හැරීම නෙමෙයි. ණය ගෙවන්න තියෙන කාලය දීර්ඝ කර ගැනීම . එනිසා මේ ණය අද ගෙව්වේ නැති උනාට හෙට දවසේ දී ගෙවන්න සිද්ධ වෙනවා. මේ රටේ අනාගතය භාර ගන්න පරපුරට මේ ණය අනිවාර්යෙන්ම ගෙවන්න සිද්ධ වෙනවා. එහෙම කරන රනිල් වික්‍රමසිංහලා පරණ ණය ගෙවීම පැහැර හැරියා පමණක් නෙවෙයි තවදුරටත් ණය ලබාගනිමින් ඉන්නවා. ඒ නිසා අනාගත පරපුරට ගෙවන්නට සිද්ධ වෙන ණයවල බර ප්‍රමාණය මීට වඩා දෙගුණ තෙගුණ වෙලා වැඩි වෙනවා.

රනිල්ගේ ජාතිය ඇමතීමේ කතාවේ සරල අර්ථය මේක තමයි. රටේ ජනතාව මේක හරියට තේරුම් ගත්තොත් වික්‍රමසිංහ අර නොකියා තවදුරටත් තමන්ව ජනාධිපති පුටුවේ තබන්නට කියලා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්න ජනතාවට ලේසියි. රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ කණ්ඩායම ඇත්ත ප්‍රශ්නය සඟවමින් විජ්ජා පෙන්වමින් මේ සිදු කරන්නට යන්නේ බලය ලබා ගැනීමට උපක්‍රම යෙදීමයි.

leave a reply