හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (22 සිකුරාදා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇති පුවත වාර්තා වූ වහාම විවිධ මාධ්‍ය හරහා ඔහු රිමාන්ඩ් වෙන බව දැනටම ප්‍රචාරය කර තිබේ. පුදුමයට කාරණයක් වන්නේ හෙට යනු ජනාධිපතිවරයා සිය තනතුරට පත්ව වසරක් ගතවීමයි.
රනිල්ට එරෙහිව මහා බැංකු වංචාව, බටලන්ද වැනි බරපතල චෝදනා තිබියදී ඔහු ජනාධිපති සමයේ සහභාගී වූ විදේශ සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයක් සඳහා මෙම කැඳවීම කර තිබෙන බව සඳහන්ය.
රනිල් වික්‍රමසිංහ ජනාධිපති සමයේ සහකාර සැන්ඩ්‍රා පෙරේරා ගෙන්ද අදාළ විදේශ සංචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ප්‍රකාශ සටහන් කර ගනු ලැබිය.
රනිල් වික්‍රමසිංහ නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් එන අතරතුර ලන්ඩනයේ විශ්වවිද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා එංගලන්තයට යාම සම්බන්ධයෙන් මෙම පරීක්ෂණය සිදු කෙරෙයි.
රනිල්ට එරෙහිව මෙතරම් බරපතල ගණයේ චෝදනා එල්ල වී තිබියදී ඉතා කුඩා චෝදනාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කටයුතු කරන්නේ ජනපති පදවි ප්‍රාප්තිය සමරමින් ජනතාවට පොඩි චූන් එකක් ලබාදීමටද යන්න ගැන සැකයක් ඇතිවෙයි.