ගෑස් වැඩිකළ ‘කුමන්ත්‍රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?

අයවැය ඉදිරිපත් වූ වහාම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් (LAUGFS) ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමීම සම්බන්ධයෙන් විශේෂ කතා බහක් ඇතිව තිබේ. එයට හේතුව ලාෆ්ස් ගෑස් සමාගමේ කොටස් හිමියෙකු වන ධම්මික පෙරේරා සහ ආණ්ඩුව අතර පවතින දැඩි මිත්‍රත්වයයි.

මෙම අසාමාන්‍ය මිල වැඩිවීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවා මැදිහත් වී ඇති අතර, මිල සංශෝධනයට අදාළ පිරිවැය පැහැදිලි කිරීම සඳහා ලාෆ්ස් නිලධාරීන් හෙට (16) එම අධිකාරිය හමුවට කැඳවා ඇත.

මෙම මිල වැඩිවීමට හේතුව ලෙස එම සමගම ඉදිරිපත් කරන්නේ තමන් මූල්‍ය අර්බුදයක සිටින බව සහ ලෝක වෙළෙඳපොළේ පිරිවැය ඉහළ යාම මේ සඳහා බලපා ඇති බවයි.

කොටස් වෙළෙඳපොළේ ලියාපදිංචි සමාගමක් ලෙස පාඩු ලබමින් ගෑස් අලෙවි කළ නොහැකි බව එම සමාගම අවධාරණය කරයි.

මෙම ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය වී ඇත්තේ මෙය හුදු වෙළෙඳපොළ මිල සංශෝධනයකට එහා ගිය “දේශපාලන කුමන්ත්‍රණයක්” බවයි. මේ පිළිබඳ අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේදී පැවසුවේ ආණ්ඩුව මේ සඳහා විසදුම් දෙකක් ඉදිරිපත් කිරීමට බලාපරොත්තුවන බවයි.

1- සැපයුම ඉහළ දැමීම: ඉල්ලුමට සරිලන පරිදි ලිට්‍රෝ ගෑස් සිලින්ඩර ලක්ෂයක් ඇණවුම් කර ඇති අතර, ඉන් සිලින්ඩර 35,000ක් දෙසැම්බර් මාසයේදී මෙරටට ළඟා වීමට නියමිතය.

2- ඕනෑම සිලින්ඩරයකට ගෑස් ලබා දීම: සිලින්ඩරයේ වර්ණය කුමක් වුවත්, පාරිභෝගිකයාට කැමති සමාගමකින් ගෑස් මිලදී ගැනීමට හැකි නව ක්‍රමවේදයක් සකස් කිරීමට රජය සැලසුම් කර තිබේ.

ආණ්ඩුව කුමන කතා කීවද ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩයක සැපයුම එක් පෞද්ගලික සමාගමක මූල්‍ය අවදානමක් මත රඳා නොපවතින ලෙස කළමනාකරණය කිරීම රටේ බලශක්ති සුරක්ෂිතතාවට අත්‍යවශ්‍ය සාධකයකි. එසේම මේ ආකාරයට හිතු හිතූ ලෙස මිල ඉහළ දැමීමට පෞද්ගලික සමාගම්වලට ඉඩ සැලසෙන්නේ කෙසේද යන්න ප්‍රශ්නයකි. ලාෆ්ස් සමාගම ආයෝජන මණ්ඩල නීති උල්ලංඝනය කරන්නේ නම්, පාර්ලිමේන්තු ප්‍රකාශවලට පමණක් සීමා නොවී නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රජයේ වගකීමකි.නැතිනම් ආණ්ඩුවක් සහ පාරිභෝගික සේවා අධිකාරියක් කුමකටද?

Share post:

Popular

වෙනත් පුවත්

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...

ඉල්මහ විරුවන් වෙනුවෙන් අපට කළ හැක්කේ ඔවුන්ගේ අරමුණ වූ සමාජාවාදය කරා රට ගෙනයාමයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් සංවිධානය කළ 37...

“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස්...