ටිරාන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස්ට ලියයි

කුප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ හිටපු අමාත්‍යවරයකු වන ටිරාන් අලස්ට අයත් මව්බිම සහ සිලෝන් ටුටේ පුවත්පත් ආශ්‍රිතව පැණනැගී බරපතල කම්කරු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් ජනමාධ්‍ය සංවිධාන කිහිපයක් අද (16) කම්කරු කොමසාරිස් ජනරාල්ට ලිපියක් යොමු කර තිබේ.

මෙහිදී ඔවුන් ඉල්ලා සිටින්නේ මව්බිම සහ සිලෝන් ටුඩේ සේවක ගැටලුවලට කඩිනම් මැදිහත්වන ලෙසයි.

මව්බිම සහ සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් මුහුණ දී සිටින වැටුප් නොගෙවීම, සේවයෙන් ඉවත් කිරීම සහ සේවා ස්ථානයට ඇතුළුවීම අවහිර කිරීම ඇතුළු වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් මැදිහත් වන ලෙස මාධ්‍ය සංවිධාන හතක් කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්දගෙන් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු මාධ්‍ය සංවිධාන හතක නියෝජිතයන්ගේ අත්සනින් යුතුව නොවැම්බර් 16 වැනිදා යොමු කළ ලිපියක් මඟින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ජනමාධ්‍යවේදීන් ඇතුළු බොහෝ දෙනෙක් ප්‍රශ්න කරමින් සිටින්නේ ටිරාන් අලස් කුමන ආණ්ඩුව බලයට පැමිණියත් බේරී සිටින්නේ කෙසේද යන්නයි. එසේම ටිරාන් අලස් සහ ජාතික ජන බලවේගය ආණ්ඩුව අතර පවතින මිත්‍රත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා බොහෝ අදහස් පළවෙමින් පවතියි. රටේ කම්කරු නීති උල්ලංඝනය කර තිබියදී පවා ඔහු නීතියෙන් ගැලවී සිටීමට හේතුව මෙම මිත්‍රත්වය බවට බොහෝ පිරිසක් සැක පහළ කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනුරගේ ආර්ථික පරිවර්තනයේ ‘ප්‍රතිලාභ’ විඳින මිනිස්සු

පොළොන්නරුව, වැලිකන්ද රුහුණුකෙත ගම්මානයේ, සැරටියෙන් ගොස් කුලියට ලොතරැයි අලෙවිකර...

ගෑස් වැඩිකළ ‘කුමන්ත්‍රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?

අයවැය ඉදිරිපත් වූ වහාම කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් (LAUGFS) ගෑස්...

අනුරගේ පරිවර්තනීය අයවැය ජේ ආර්ගේ පරිවර්තනයේ ඉදිරි කොටසක් – රවීන්ද්‍ර මුදලිගේ

2027 වසරට අදාළ අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මෙය පරිවර්තනිය...

දරුවෝ ගැන කිසිම කම්පනයක් නැති ‘පෝල්රාජ් අම්මලාගේ’ අයවැය

නකල්ස් ප්‍රදේශයේ ගල් ගුහාවකින් 15 හැවිරිදි දැරියක් අනාරක්ෂිත දරු...