ආණ්ඩුව PSTA ( ත්රස්තවාදයෙන් රාජ්යය ආරක්ෂා කිරීමේ පනත) සහ OCA පනත් හරහා රට තුළ විශාල ප්රජාතන්ත්ර විරෝධී තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ ඉදිරියේදී එන මහජන නැගිටීම් මර්දනය කිරීම සඳහා කල්තියා නීති සම්මත කර ගැනීමට උත්සාහ කරනවා .
ආණ්ඩුව ගෙන යන “හොරු ඇල්ලීමේ සහ කුඩු ඇල්ලීමේ නාට්ය” මගින් ජනතාව ප්රමෝදයට පත් කර, ඒ මුවාවෙන් ඕනෑම දෙයක් සාධාරණීකරණය කිරීමට උත්සාහ දරන බව මෙහිදී පේනවා . හොරු සහ කුඩු ඇල්ලිය යුතු වුවත්, ඒ හරහා මෙවැනි මර්දනකාරී නීති සාධාරණීකරණය කළ නොහැකි බව පෙන්වා දෙන්න පුලුහන් .
මෙම නීති දෙකෙහිම ප්රධාන ලක්ෂණය වන්නේ අධිකරණ බලය තවදුරටත් විධායකය අතට ගැනීමයි. පිටතින් අපරාධකරුවන්ට හෝ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට එරෙහි නීති ලෙස පෙනුනද, නීතියේ වැරදි පිළිබඳ අර්ථකථනය පුළුල් කර සාමාන්ය ජනතාවගේ ක්රියාකාරකම් පවා ආවරණය වන පරිදි දැඩි දඬුවම් පැනවීමට මෙමගින් උත්සාහ කර ඇත.
අද පැවති මාධ්ය හමුවකදී මෙම අදහස් ප්රකාශ කරනු ලැබුවේ ජන අරගල සන්ධානය නියෝජනය කරමින් දුමින්ද නාගමුව විසින්. ඔහු දැක්වූ සම්පූර්ණ අදහස පහත වීඩියෝවේ .




