Breaking News

යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත්තේ අවශ්‍ය තොරතුරු අතැතිව ද?

සමන්සිරි හේරත්

යෝෂිත රාජපක්ෂව අත්අඩංගුවට ගත් පුවත ලැව් ගින්නක් වගේ ශෝෂල් මීඩියා එකේ පත්තුවෙලා යන්න රාජපක්ෂ හිතවාදීන් මේ පුවතට ආණ්ඩුවට ඇති රාජපක්ෂ විරෝධයක් පිළිබඳව ද ඉස්මතු කරමින් පුවත් නිර්මාණය කරමින් ප්‍රචාරය කරනවා.

යෝෂිත රාජපක්ෂව හදිසියේ අඩංගුවට අරන් තියෙන්නේ ඇයි ?

ඔහුව අත්අඩංගුවට ගන්නේ ඇයි කියන ප්‍රශ්නයට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද උත්තර ලබාදී තිබුණා.2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණ පනත යටතට වැටෙන වැරදි සිදුකර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඇති බවට නීතිපතිවරයා විසින් දන්වා සිටිමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහ පනත ප්‍රකාරව ඉදිරි කටයුතු කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව තමයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

රත්මලාන ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධ විමර්ශන කටයුතුවලට අදාළව තමයි ඔහුව අත්අඩංගුවට ගෙන තියෙන්නේ.

ජනවාරි තුන්වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යෝෂිත රාජපක්ෂව කැඳවලා තිබුණා කතරගම ප්‍රදේශයේ ඉඩමක් සහ ගෙයක් සම්බන්ධ විමර්ශන කටයුත්තක් සඳහා කට උත්තර ලබා ගැනීමට. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අයිති යැයි පවසන මේ ඉඩම පිළිබඳව විමර්ශන කටයුතු වෙනුවෙන් තොරතුරු ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂව ද කැඳවා තිබීම විශේෂත්වයක් වෙනවා. එමෙන්ම කතරගම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වන මේජර් නෙවිල් වන්නි ආරච්චිගෙන්ද කට උත්තර සටහන් කර ගත්තා .

අද රජය  විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා

ඊයේ දිනයේ විශේෂ ප්‍රවෘත්තිය බවට පත්වෙලා තිබුණේ අදානි සමාගම සමග විදුලි බල උත්පාදනය සඳහා ඇති කරගෙන තිබුණු රනිල් වික්‍රමසිංහගේ ගිවිසුම ආණ්ඩුව විසින් අහෝසි කළා යැයි කියන පුවතක්. මේ පුවත අසත්‍ය බව අදානි සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. අද විශේෂ මාධ්‍ය හමුවේදී එක් විශේෂත්වයක් වුණේ මේ පිළිබඳව අදහස් දැක්වීමයි. මෙහිදී මාධ්‍යවේදියෙක් යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් පැනයක් මතු කළා.

ජනාධිපතිවරයා නම් කිව්වේ නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගද්දි කෙඳිරි ගෑවෙයි කියලා. ඉතින් අපි හිතුවා මුලින්ම විජිත් විජිත මූණි සොයිසට කෙඳිරිගෑවේ කියලා, ඊට පස්සේ අනුර ප්‍රියදර්ශන ට කෙඳිරි ගෑවෙයි කියලා . නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. පැය විසි හතරක් ගතවෙන්නට මත්තෙන් ඇප ලැබිලා ඔහු එළියට ආවා .කෙඳිරි ගෑවිලා තියෙන්නේ ආණ්ඩුවට.

මේ අයව අධිකරණයට ඉදිරිපත් කරද්දි පොලිසිය අතින් විවිධ වැරදි සිද්ධ වෙලා තියෙනව.ා චෝදනාපත්‍ර ඉදිරිපත් කරද්දී ඒවා නිසියාකාරයට ඉදිරිපත් කරලා නැහැ. පොලිසියට වැඩේ භාර දීලා තිබුණට පොලිසිය වැඩේ හරියට කරන්නේ නැහැ.

අත්අඩංගුවට පත්වෙච්ච අය එලියට ඇවිල්ලා මේ සියල්ල ආණ්ඩුවට බැර කරනව. මේකට හේතුව මොකක්ද? යෝෂිතගේ ප්‍රශ්නෙදිත් එහෙම වෙයිද ?

මාධ්‍යවේදියාගේ ඒ පැනයට පිළිතුරු ලෙස නලින්ද ජයතිස්ස ප්‍රකාශ කර සිටියේය මේ දූෂණ වංචා නඩු එළියට එන්නේ ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සිද්ධ කරමින් පවතින නිසා බවයි. වංචා දූෂණ සිද්ධ කළ අය ආණ්ඩුවෙන් ඉවත්වෙලා ගියාට ඒවට අදාල කරන සාක්ෂි ලිපිගොනු නිර්පද්‍රිතව තබා ගොස් නැති බවද ඔහු කියා සිටියා. මේ සිදුවෙමින් පවතින්නේ ඒවට අදාළ නීතිය ක්‍රියාත්මක වෙන එක. ඒක හිමින් සීරුවේ සිද්ධ වෙනවා ක්‍රමාණුකූලව සිද්ධ වෙනවා. ඒ අතරතුර පොඩි පොඩි අඩුපාඩුකම් සිද්ධ වෙන අවස්ථා තියෙනව. අපි එවත් නිවැරදි කරගෙන යන්න උත්සාහ කරනවා.

යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් ඇසූ පෙනේදී ඔහු කියන්න උත්සාහ කළේ වංචා දූෂණ වලට අදාළව ඔහු යම් වරදක් කර තිබේ නම් නීතියට අනුකූලව ඊට අදාළ ක්‍රියාමාර්ග සිදුවෙමින් පවතින බවයි.

leave a reply