ගුරුවරුන්ගේ ඡන්දෙන් පත්වූ ආණ්ඩුවට ගුරු ගැටළු අමතකයි

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව ගුරුවරුන්ගේ සත්‍ය වැටුප් වැඩිවී ඇත්තේ රුපියල් 3000 සිට 19,000ක පරාසයක බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පවසයි.

අනිද්දා පුවත්පත වාර්තා කර ඇති පරිදි ජෝශප් ස්ටාලින් ප්‍රකාශ කරන්නේ මූලික වැටුපේ වැඩිවීමක් සිදුවී තිබුනද, එය සිදුවී ඇත්තේ මෙතෙක් රාජ්‍ය සේවකයන්ට ලැබුණ රුපියල් 7500ක දීමනා මූලික වැටුපට එකතු කිරීමෙන් බවයි.

සමස්ත රාජ්‍ය සේවකයින් රුපියල් 20,000ක වැටුප් වැඩි වීමක් සම්බන්ධයෙන් අරගල කළ බවත් එය මෙහිදී ඉටුවී නැති බවත් ස්ටාලින් පවසයි.

එමෙන්ම ඔහු පවසන්නේ ගුරු අරගලය වැටුප් විෂමතා ඉවත් කරන ලෙස කළ එකක් බවත්, ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් වී නැති බවත්ය.

හිටපු ගුරු සංගම් නායකයෙකු වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ අයවැය විවාදයේදී පැවසුවේ අප්‍රේල් මාසයේදී ගුරු සේවයේ අවම වැටුප රු. 31,490 සිට රු. 39,211ක් දක්වා වැඩිවන බවයි. ඔවුන්ට අප්‍රේල් මාසයේදී රුපියල් 7,721ක වැටුප් වැඩිවීමක් ලැබෙන බවයි.

මේ අනුව ආණ්ඩුව කියන ආකාරයේ වැටුප් වැඩිවීමක් ගුරු ක්ෂේත්‍රය ආශ්‍රිතවද සිදුව නැති බව පැහැදිලිය. සිදුකර ඇත්තේ ඉලක්කම් සෙල්ලමක් පමණි. මෙහිදී යම්කිසි සාධනීය දෙයක් ලෙස තිබෙන්නේ පෙර ලැබුණු දීමනා මූලික වැටුපට එකතු කිරීම පමණි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...