PCR නෙගෙටිව් වී තිබියදීත් රඳවාගෙන සිටින දේශපාලන ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවයක්

ඉංජිනේරු සංස්ථා පරිශ්‍රයේදී විරෝධතාවක නිරතවීමේදී අත්අඩංගුවට ගෙන නිරෝධායනය නමින් පල්ලෙකැලේ සමුපාකාර අධ්‍යන ආයතනයේ රඳවා සිටින කම්කරු අරගල මධ්‍යස්ථානයේ ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිස විසින් අනීතිකව රඳවා සිටින සියලු දෙනා නිදහස් කරන ලෙස ඉල්ලා අද(14) විරෝධතාවයක් පවත්වා තිබේ.

ඔවුන් විරෝධතාවයේ යෙදෙමින් ප්‍රශ්න කර සිටින්නේ සිටින්නේ කෝව්ඩි 19 ආසාදිතයන් නොවන බවට PCR පරික්ෂණයකින් සනාථ වී තිබියදී තවදුරටත් රඳවාගෙන සිටින්නේ පදනම කුමක්ද යන්නයි.

පල්ලෙකැලේ රඳවා සිටින මෙම පිරිසගේ PCR ප්‍රථිපල හරහා සනාථ වූවේ ඔවුන් කොවිඩ් ආසාදිත නොවන මීට දින කිහිපයකට පෙර සනාථ විය. එසේම මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින පිරිසගේ ද PCR ප්‍රථිපල හරහා ඔවුන් කොවිඩ් ආසාදිතයන් නොවන බව තහවුරුව තිබේ.

පසුගිය ජූලි 7 වැනිදා කොළඹ 2 රාමනායක මාවතේ ඉංජිනේරු සංස්ථාවේ පැවති සේවක විරෝධතාවකට සහාය පළ කිරීමේදී අත්අඩංගුවට ගත් කම්කරු අරගල මධ්‍යස්ථානයේ සහ වෙනත් කම්කරු සංවිධානවල නියෝජිතයන් 6ක් නිරෝධායනය මුවාවෙන් පල්ලෙකැලේ රඳවා සිටියි. එසේම කොතලාවල පනතට එරෙහි විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් තවත් පිරිසක් නිරෝධායනය මුවාවෙන් මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටියි. ඔවුන් සත්‍ය ලෙසම නිරෝධායනය සඳහා යොමුකළේ නම් දැන් ඔවුන් නිදහස් කිරීම සඳහා පොලීසියට ඕනෑතරම් ඉඩකඩ තබේ. නමුත් පොලීසිය එය ඉටුකරන බව පෙනෙන්නට නැත.

අද පල්ලෙකැලේ පැවති විරෝධතාවයෙන් ඉල්ලා සිටියේ අනීතිකව රඳවා සිටින සියලු දෙන නිදහස් කරන ලෙස කොතලාවල පනත ඉරා දමනු! ගොවියන්ට පොහොර ලබාදෙනු! උද්ඝෝෂණය කිරීමේ අයිතියට ඇත නොතබනු! යන්නයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...