ශ්‍රී ලංකාවේ ණය කන්ද ඩොලර් බිලියන 100.18 දක්වා වර්ධනය වී ඇති අතර, ණය පොළී කන්ද ඩොලර් බිලියන 6.4 දක්වා වර්ධනය වී ඇතැයි නවතම දත්ත අනුව වාර්තා වේ.
ඩොලර් බිලියන 12ක පමණ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර කන්දක් ගෙවිය යුතු අතර, ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක ස්වෛරීත්ව බැදුම්කර වාරිකයක් මෙම මාසයේ අග ගෙවීමට නියමිතය. ආසියානු සංවර්ධන බැංකුවට ඩොලර් බිලියන 10.5ක ණය කන්දක් තිබෙන අතර ලෝක බැංකුවට ඩොලර් බිලියන 6.2ක ණය ප්‍රමාණයක් ගෙවිය යුතුය.
මෙරට පළමු කාර්තුවේ ණය පිළිබද දත්ත ප්‍රසිද්ධ කර ඇති අතර, ඒ අනුව දේශීය ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 57.28ක් වේ. එය පසුගිය දෙසැම්බරයේ තිබුණු ඇමෙරිකන් ඩොලර් බිලියන 52.64ට වඩා සීයට 9ක පමණ වැඩි වීමකි.
ශ්‍රි ලංකාව ද්වී පාර්ශ්වීය සහ වාණිජ ණය හිමියන්ගේ ණය ගෙවීම් 2022 අප්‍රේල් මාසයේ සිට නවතා දැමූ අතර, එය ශ්‍රී ලංකාව බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමක් ලෙස අර්ථකතනය විය. නොගෙවූ මූලික ගෙවීම් ඩොලර් බිලියන 2.08ක් දක්වා පසුගිය වසර අග වෙද්දී වර්ධනය වී තිබුණි.
2023 දෙසැම්බර් මාසයෙන් අවසන් වූ කාර්තුවේ, ශ්‍රී ලංකාවේ ණය ඩොලර් බිලියන 96.17ක් විය. මේ වන විට එම ණය කන්ද ඩොලර් බිලියන 100 ඉක්මවා වර්ධනය වී තිබීම විශේෂත්වයකි. පසුගිය කාලසීමාව තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාාණයෙන් සීයට 90ක් පමණ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූලල්‍ය අරමුදල සහ ආසියානු සංවර්ධන බැංකුව හරහා ලබාගෙන තිබේ. ඒ අතර, ලෝක බැංකුව විසින් ගෑස් ගෙන්වාගැනීමට ලබා දුන් ඩොලර් මිලියන 70ක ණය මුදල සහ අස්වැසුම ආදී අයවැය කරුණු සදහා ලබාදුන් ඩොලර් මිලියන 500ක අස්වැසුම මුදල අයත් වේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 672.3ක් ණය වී සිටී.
ශ්‍රී ලංකාව යුරෝපීය සහ ආසියානු ජාත්‍යන්තර බැංකු ගණනාවකට ණය වී සිටි. එක්සත් රාජධානියේ එච්එස්බීසී බැංකුව, හොංකොං එච්එස්බීසී බැංකුවට, රිග්ස් ජාතික බැංකුවට, අයිඑන්ජී බැංකුවට ඕස්ට්‍රියාවේ එයිෆ්සෙන් බැංකුවට, එක්සත් රාජධානියේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවට ශ්‍රී ලංකාව ණය වී සිටී.
ශ්‍රී ලංකාවේ ණය අර්බුදය චීන ණය අර්බුදයක් ලෙස හැදින්වීම සාවද්‍ය වන අතර, චීනයට ඇති ද්වී පාර්ශ්වීය ණයවලට අමතරව චීනය වෙත ඇමෙරිකන් ඩොලර් බිලියන 2.18ක් ණය වී සිටී. ජපානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 2.35ක්, දකුණු කොරියාවට ඩොලර් මිලියන 294ක් ණය වී සිටී.
මාර්තු 14 වැනිදා ඇමෙරිකන් ඩොලර් බිලියනයක පස් වාර්ෂික ස්වෛරීත්ව බැදුම්කරයක් ගෙවීමට නියමිතය. ඒ සීයට 6.85ක කූපන් ගෙවීමක් සහිතවය. ඊට අමතරව සීයට 6.75ක කූපන් ප්‍රතිශතයක් සහිත ඩොලර් බිලියන 1.25ක් වටිනා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර වාරිකයක් ගෙවීමට නියමිතය. ජුනි 28 වැනිදාට ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර වාරිකයක් සීයට 6.35ක කූපන් ප්‍රතිශතයක් සහිතව ගෙවා තිබුණි.
මේ වසරේ පළමු මාස තුන තුළ ඩොලර් බිලියන 12.92ක දේශීය ණය ලබාගෙන ඇත. එය පසුගිය වසරේ අවසන් කාර්තුවේ ලබාගත් ඩොලර් බිලියන 12.63ක මාස තුනක දේශීය ණය ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ යෑමකි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ඩොලර් බිලියන 2.12ක බාහිර මූල්‍ය සහයෝගයක් ලබාගෙන තිබුණු අතර, එයින් ඩොලර් බිලියන 2.02ක්ම ලබාගෙන ඇත්තේ ණය ලෙසය.
මේ වන විට ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර, ජාත්‍යන්තර පුද්ගලික ණය හිමියන් සමග එකගතාවකට පැමිණීමට රජය තවමත් අසමත් වීමට නියමිතය. ජුනි මාසය අවසන් වෙද්දී එකගතාවකට පැමිණෙන බවට රජය විශ්වාස පළ කර තිබේ. ශ්‍රී ලංකාව තවමත් ණය අර්බුදය පැත්තෙන් අවදානමක සිටී. තියුණු ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමු නොවුණහොත් අර්බුදය යළි බරපතල ලෙස මතු වීමට නියමිතය.
2023 දී දළ ජාතික නිෂ්පාදනයට සාපේක්ෂව විදේශ ණය ප්‍රමාණය සීයට 42ක ප්‍රතිශතයක් ණය ලෙස පවතී. දේශීය ණය ප්‍රමාණය ඊට වඩා වැඩි විය යුතුය.
උපුටා ගැනීම – වට්නිව්ස්
වත්මන් ආණ්ඩුව විසින් ආර්ථික අර්බුදය විසදීමෙහි ලා ප්‍රධානතම මූලෝපාය ලෙස පෙන්වමින් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීම මත ලබා ගන්නා ණය වේ. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව ගිවිසුම් ගතවීමත් සමග එහි කොන්දේසි ජනතාව මත අසීමිත ආර්ථික පීඩනයක් එල්ල කිරීම සඳහා කටයුතු කරමින් තිබේ. මේ වන විට IMF ණය වාරිකයක් වෙනුවෙන් මුළු මහත් රටේ ජනතාවගේ සුබසාධනය කප්පාදු කිරීමටත්,බදු බර ජනතාවගේ උරමත පැටවීමටත්, ජනතා සම්පත් විකිණීමටත්, මහජන සේවාවන් පුද්ගලීකරණය කිරීමටත්, විවිධ අණපනත් ගෙන එමින් ජනතාවගේ ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සීමා කිරීමටත් කටයුතු කරමින් තිබේ.
නමුත් පැහැදිලිව පෙනෙමින් තිබෙන්නේ IMF වැඩපිළිවෙළ කිසිදු ආකාරයකින් මෙම ආර්ථික අර්බුදයට පිලියමක් නොවන බවත් එය මෙම අර්බුදය තවත් වටයකින් තීව්‍ර කරන්නක් පමණක් බවය. IMF වැඩපිළිවෙළ විසින් සිදුකර ඇත්තේ තව තවත් ණය බරින් සහ බදු බරින් ජනතාව පීඩනයට පත්කිරීම පමණක් බව පැහැදිලිය.
මෙම ක්‍රියාවලිය තුළ ඉන්දියානු මැදිහත්වීමද ප්‍රබල ලෙස තීව්‍ර වෙනු ඇති අතර මෙරට ආර්ථිකයට පමණක් නොව, සංස්කෘතික ආක්‍රමණයක්ද ඉන්දියාව විසින් අත්පත් කරගනු ඇත.