වතු කම්කරු වැටුප තවමත් වැඩිකර නැහැ – වතු රජයට පවර ගන්න බව කිව්ව ඇමැතිත් නෑ

Date:

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉකුත් මස 21 වැනිදා සිට තේ වතු සමාගම්වලට ගෙවන ලෙසට කම්කරු අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්කර ඇතත්, එම වැටුප තවමත් මාසික වැටුපට එක් කර නොමැති බව වතු කම්කරුවන් පවසනවා.

වතු වෘත්තිය සමිති නායකයින් කියා සිටින්නේ, රජය මගින් නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට වතු හාම්පුතුන්ගේ සංගමය විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියද, එම අතුරු තහනම් නියෝගය අභියචනාධිකරණය මගින් ප්‍රතික්ෂේප කිරිම නිසා තේ වතු සමාගම් විසින් ඉකුත් මස 21 වැනිදා සිට එම වැටුප වතු කම්කරුවන්ට ගෙවිය යුතු බවයි.

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කිරිමට තේ වතු සමාගම්වලට වාර්ෂිකව රුපියල් බිලියන 48ක් අමතර පිරිවැයක් දැරිමට සිදු වි ඇති බවත්, තේ නිෂ්පාදනය සදහා වැය වන අධික පිරිවැය හේතුවෙන් එම අමතර පිරිවැය වැටුප තේ වතු සමාගම්වලට දරාගත නොහැකි බවට වතු සමාගම් පවසමින් සිටියි.

මේ අතර මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමේ සේවය කරනු ලබන වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් ලෙස වැඩි කර පෙරේදා (10) සිට ලබාදීමට පියවර ගෙන තිබේ. එම වැටුප ගෙවීමට මහ භාණ්ඩාගාරයෙන් ප්‍රතිපාදන ලබාදි ඇති බව වාර්තා වේ.

එම වතු සමාගම විසින් එම වතු සමාගමේ සේවය කරන වතු කම්කරුවන්ට වසර 15ක පමණ කාලයක් EPF සහ ETF මුදල් ගෙවා නොමැති බව පසුගියදා වාර්තා විය.

ඉන් කොටසක් රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ගෙවීමට ආණ්ඩුව කටයුතු කර තිබුණි.

මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කම්කරු ඇමතිවරයා පම්පෝරි ගැහුවේ වැටුප් වැඩිකිරීමට එකඟ නොවන වතු රජයට පවරා ගන්නා බවයි. නමුත් තවමත් එය සිදුවූ බවක් පෙනෙන්නට නැත.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...