මෛත්‍රීපාල, පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බව කියලා

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බව මෛත්‍රීපාල සිරිසේන පවසා ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කර තිබේ.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මෙම පුවත්පත් වාර්තාවක් උපුටා දක්වමින් පැවසුවේ මේ ප්‍රකශය හරහා රාජ තාන්ත්‍රික ප්‍රශ්නයක් මතුවිය හැකි බවයි.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් පැය පහක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

එම ප්‍රකාශ ලබාදීමේදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ඉන්දියාව බවත් ඒ බව ඉන්දියාවේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු තමන්ට පැවසූ බවත් සඳහන් කර ඇත.මෙම ප්‍රහාරය සිදුකිරීමට හේතුව ඉන්දියානු ව්‍යාපෘති මෙරට තුළ ක්‍රියාත්මක වීමද බවද මෛත්‍රීපාල සිරිසේන පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...