ප්‍රහාරය ගැන දැන සිටි දේශබන්ධු පාස්කු වින්දිතයන් බලන්න ගිහින්

පාස්කු ඉරිදා දිනයේ දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ ආවරණය වන පරිදි ක්‍රියාත්මකවන විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (31) මීගමුව කටුවාපිටිය දේවස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා.

එහිදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබු කතෝලික බැතිමතුන්ගේ නිවෙස්වලට ගොස් සුවදුක් විමසා වියළි සළාක මළු බෙදා දී තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නාහිර උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන කාලයේ මෙම ප්‍රහාර එල්ල කරනු ලැබු අතර මෙම ප්‍රහාරය වළක්වා ගැනිමට ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවි තිබෙනවා. එකළ තම චෝදනා ඉල්ලා අස්කර ගැනීමට බලකරන ලෙස ඉල්ලමින් දේශබන්ධු ඇතුළු නිලධාරීන් බෞද්ධ භික්ෂූන් පිරිසක් ද හමුව තිබුණි.

2019 වසරේ පාස්කු ඉරිදා දිනයේදී කිතුණු දේවස්ථාන ඇතුළු ස්ථාන 08කට අන්තවාදී ත්‍රස්තයන් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කළේ මිනිස් ජීවිත 250කට වැඩි සංඛ්‍යාවක් බිලි ගනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...