මේ වසරේදී පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් 20ක් මියගිහින්

2023 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති ඇති බව මානව හිමිකම් කොමිසම පවසනවා.

ඒ අනුව පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බව එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කර ඇත්තේ මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ ගොස් ඇති බවයි.

ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බව, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළා.

පොලිස් අත්අඩංගුවේ දී පුද්ගලයෙකු මිය යාමේ ආසන්නතම සිදුවීම වාර්තා වන්නේ 26 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් මිය යාමයි.

යාපනය වඩුක්කෝඩෙයි⁣ පොලිසිය භාරයේ සිටියදී පහරකෑමට ලක්ව දින කිහිපයකට පසුව නාගරාසා ඇලෙක්ස් මිය යාම සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරයකු වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිසියට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පොලිසිය කියයි.

මීට මාස කිහිපයකට පෙර ගෘහ සේවිකාවක වූ රාජ් කුමාරි පොලිසිය සිදුකළ පහරදීමකින් මියගිය බව සාක්ෂි ඉදිරිපත් වී තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...