2% මන්ද පෝෂණය වැඩි වී ඇති බව කෙහෙළිය පිළිගනී

පැවති තත්ත්වයට වඩා සීයට දෙකකින් මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව අද සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පිළිගත්තේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දකුණු ආසියාවේ හොදට තිබුණු රටක් මේ තත්ත්වයට පත්වීම කනගාටුදායක බවද ඔහු කියා සිටියේය.

ඉදිරි වසර පහ දහය ඇතුළත බිහිවෙන දරුවන් ජවයෙන් අඩු දැනුමෙන් අඩු පරපුරක් ලෙස බිහි වුණොත් ඔවුන්ගේ සාපයට අපි ලක් වේවි යැයි කෙහෙළිය රඹුක්වැල්ල පවසා සිටියා. සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ලගේ ප්‍රමුඛකාර්යය වන්නේ මන්දපෝෂණය තුරන් කිරීමට කටයුතු කිරීම බව ඔහු කියනවා.

අද රටේ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන්නේ කාගේ වරදින්ද? කෙහෙළිය රඹුක්වැල්ල මේ පැන අමතක කරමින්ගෙවුණු දශක දෙක තුළ ඔවුන් මැදිහත්ව රට පාලනය කළ බවත් අමතක කරමින් මෙසේ වර්තමානයේ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කිරීම ඉතා බරපතලය. රටත් ජනතාවත් අද ඇද වැටී තිබෙන තත්වයට සහමුලින්ම වගකිව යුත්තේ රාජපක්ෂලා වික්‍රමසිංහලා සමඟ රට පාලනය කලපු කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු කණ්ඩායමයි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස දැන් කල්පනා කරමින් සිටින්නේ පවතින මන්දපෝෂණ තත්ත්වය 14 % සිට 10% දක්වා පහත දැමීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව සොයා බැලීමට බව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...

“කදුුලැස්ස නිහඞ නැත” සරත් මුණසිංහ ආරචිචි ගේ නවතම කෘතිය

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචි විසින් රචිත නවතම කෘතිය...

අනුරගෙන් තවත් පොරොන්දු කන්දක්

වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලය සම්පූර්ණ වීම...

අඩු වැටුප්වලට අමතරව විරැකියාවෙනුත් අපි ඉදිරියෙන්

මෙරට අවුරුදු 15ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ සිටින...