දේශබන්ධුගේ පළමු ඉලක්කය ‘ජාතික ආරක්ෂාව’ රකින එකලු!

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද මහනුවරදි පැවැසිය.

ආසියාව සහ ලෝකයේ බොහෝ රටවල් නිරීක්ෂණය කරන විට ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වය තබා ගැනීම ඉතාමත්ම වැදගත් යැයි හදුනාගත හැකි බව ඔහු තවදුරටත් පැවසීය.

නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අද (02) පෙරවරුවේ මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් වැඩ බලන පොලස්පතිවරයා දියඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පිච්චමල් වට්ටියක් ලබාදී ඔහු පිළිගෙන තිබේ.

මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් හමුවීමටද ඔහු ගොස් ඇත.

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිසියේ උසස් නිලධාරීන් බොහොමයකට එල්ල වී ඇති චෝදනාවක් වන්නේ පාස්කු ප්‍රහාරය සිදුවෙන බව දැනගෙන සිටියද එය වැළක්වීමට කිසිවක් සිදු නොකළ බවයි. එවැනි පුද්ගලයෙකු ජාතික ආරක්ෂාව රකින බව කීම විහිළුවක් බව සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන බොහෝ පිරිසකගේ අදහස වී තිබේ.

ඊට අමතරව ගෝල් ෆේස් අරගලයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි මැරයන් සමඟ කරට අත දමාගෙන සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගෙන් ආරක්ෂාව බලාපොරොත්තු වෙන්නේ කෙසේද යන්න ජනතාව මතුකරන තවත් ගැටලුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්