සීනි වැඩි මිලට අළෙවි කළාට කරන්න දෙයක් නෑ – ලසන්ත අලගියවන්න

Date:

සීනි කිලෝකවක් රුපියල් 210කට අළෙවි කර කිලෝවකින් රුපියල් 100ක් ලබා ලැබීම අපරාධයක් බවත් වෙළදුන් සහ තොග පිළිබඳ සියලු තොතුරු දැන සිටිය ද එයට එරෙහිව ගතහැකි පියවරක් නැති බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි.

සීනි කිලෝවක සිල්ලර මිල පසුගිය සතියේ රුපියල් 160 ක්ව පැවැති අතර ඒ අනුව සතියක් තුළ සීනි කිලෝවක මිල රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මේ ආකාරයට මිල වැඩි කිරීම ඉතාමත් අසාධාරණ බව කී අමාත්‍ය අලගියවන්න වෙළෙඳුන් නීතිය ස්ථාපිත වීමට පෙර ලාභ ලැබීමේ අරමුණින් මේ සඳහා පෙළඹී ඇති බවත් සඳහන් කර තිබේ.

වැඩි මිලට අත්‍යවශ්‍ය ආහාර අලෙවිකරණ පුද්ගලයන්ට එරෙහිව දඩ මුදල් වැඩි කිරීමේ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබුණ ද පාර්ලිමේන්තුවේ පළමුවර කියවීමට යොමු කර ඉන් පසුව එය නීතියක් බවට පත්වීම ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් තමන්ට ද කරන්න දෙයක් නොමැති බවත් පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න වැඩි දුරටත් පවසා තිබේ.

ආහාර ද්‍රවයවල මිල හිතුමතේ ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව දිගින් දිගටම අනුගමනය කරනු ලැබුවේ මෙවැනි ඇල්මැරුණු ප්‍රතිපත්තියකි. කුමන අවස්ථාවකදීවත් මෙම භාණ්ඩවල මිල ඉහළ දැමීමට සම්බන්ධ විශාල සමාගම්වලට එරෙහිව පියවර ගනු නොලැබීය. යම් පියවරක් ගනු ලැබුවේ නම් ගත්තේ සිල්ලර වෙළඳ සැල් හිමියන්ට විරුද්ධවයි. එසේම ලසන්ත අලගියවන්න ඇමතිවරයා කියන ආකාරයේ නීති සකස් කෙරුවද අවසානය සිදුවීමට නියමිතව තිබෙන්නේ කුඩා වෙළඳ සල් හිමියන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක වීමයි.

Share post:

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...