අලි මිනිස් ගැටුමට පිළිතුර අලි වැටද? අනුරාධපුරයට තවත් අලි වැටක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක පවතින අලි මිනිස් ගැටුමට විසදුමක් ලෙස සූර්ය පැනල භාවිතයෙන් 2021 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක් ආවරණය වන ලෙස කිලෝමීටර 482.2 ක ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි අලි වැට සම්බන්ධයෙන් සාකච්ජාවක් රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම් වන්නිනායක, අනුරාධපුර සහකාර වනජීවි අධ්‍යක්ෂ ඩබ්ලිව්.එස් වේරගම යන මහත්වරුන් ඇතුළු නිළධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ජාව අමාත්‍යයතුමන්ගේ අනුරාධපුර කාර්යාලයේදී පැවැත්විණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන විශාල ප්‍රමාණයක ජනතාව වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත. අලින් ගම්වැදීම හේතුවෙන් සිදු වන අලි මිනිස් ගැටුම් හේතුවෙන් පසුගිය කාළය පුරා මිනිස් ජීවිත ප්‍රමාණයක් මෙන්ම වන අලින්ගේ ජීවිතද විශාල ලෙස අහිමි වී ඇත.
වන රක්ෂිත තුළ සිටින වන අලින් රක්ෂිත මායිම් වල පිහිටි ගම්මාන වෙත පැමිණීමෙන් මෙම අලි- මිනිස් ගැටුම ඇති වේ.මෙම ගැටුම පාලනය සඳහා රක්ෂිත වටා විදුලි වැට ඉදි කිරීම්, වන අලින් රක්ෂිත තුළට පලවා හැරීම, දරුණු වන අලින් අල්ලා අලි රැඳවුම් මධ්‍යස්ථානයන්හී ගාල් කිරීම වන ජීවි දෙපාර්තමේන්තුව සිදු කරනු ලබයි.
නමුත් තවමත් අලි වැට ඉදි කර නොමැති ප්‍රදේශ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින බැවින් එම ගම්මානයන්ට නිරන්තරයෙන් වන අලින් කඩා වැදීම සිදු වේ.තවද පවතින විදුලි වැටවල් ප්‍රමිතියෙන් තොර වීම හා නිසි නඩත්තුවක් නොමැති වීම හේතුවෙන්ද වන අලින් අලි වැට කඩා ගම්වැදීම සුලභව සිදු වේ.
අලි- මිනිස් ගැටුමට කඩිනමින් විසදුම් ලබා දීම සඳහා දැනට ඇති සාර්ථකම ක්‍රමවේදය වන්නේද ප්‍රමිතියෙන් යුතු විදුලි අලි වැටයි.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ තවමත් ස්ථිරව අලි වැට ඉදි නොවු කිලෝ මීටර 1000 ක ප්‍රමාණයකට විදුලි අලි වැට ඉදි කළ යුතුව ඇතැයි ගණන් බලා ඇත . ඉන් 2021 වර්ෂය තුළ කිලෝ මීටර 482.2 ක් විදුලි වැට ඉදි කිරීමට නියමිත එම විදුලි වැට අනුරාධපුර වනජීවි කළාපයේ පලුගස්වැව, නාච්චාදූව, ඉපලෝගම, මහවිලච්චිය, නොච්චියාගම, ගලෙන්බිදුණුවැව, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන, කහටගස්දිගිලිය හා මැදවච්චිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී ගම්මාන කීපයක් ආවරණය වන පරිදී ඉදි කිරීමට නියමිය.

එහිදී පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්වැව -මඩවල-එප්පාවල හරහා නැවත කුඹුක්වැව දක්වා කිලෝ මීටර 31 කුත්, නාච්චාදූව හා ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන ලෙස නල්ලමුදාව සිට සන්ගට්ටෑව දක්වා කිලෝ මීටර 16 කුත්, මහවිලච්චීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තන්තිරිමලය සිට රුවන්මඩුව දක්වා කිලෝ මීටර 8.5 කුත් , කිරල්පැටියාව සිට ඔයාමඩුව දක්වා කිලෝ මීටර 15 කුත්, මහවිලච්චිය හා නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ඔයාමඩුව සිට ඉට්ටිකුළම දක්වා කිලෝ මීටර 35 කුත්, ගලෙන්බිදුණුවැව හා පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන ලෙස කිව්ලේකඩ සිට වන්නම්කුළම දක්වා කිලෝ මීටර 104 කුත්, කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ යා කරමින් වත්තේවැව සිට වෙලන්ගහඋල්පත දක්වා කිලෝ මීටර 94 කුත්, හොරොව්පතාන, කහටගස්දිගිලිය හා ගලෙන්බිදුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් යා කරමින් වෙලන්ගහඋල්පත සිට කුඹුක්වැව දක්වා කිලෝ මීටර 61 කුත් කැබිතිගොල්ලෑව හා මැචවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හී වත්තේවැව හා ඇතාකඩ යා කරමින් කිලෝ මීටර 109.7 කුත් ලෙස සම්පූර්ණ කිලෝ මීටර 484.2 ක අලි වැටක් ඉදි කිරීමට නියමිතය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...