සංචාරකයින්ගේ නොපැමිණීම ආණ්ඩුවේ අසාර්ථක කම මත සිදුවන්නකි.

සංචාරක කර්මාන්තයට 45%ක බුකිං අහිමිවීම සහ අහිතකර බලපෑම් ඇති වී තිබෙන්නෙ රට තුල පැවති ජන අරගල හමුවේ බව පසුගිය 30 වන දින ජාතික පුවත්පතකට සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. මේ සඳහා බලපාන ආණ්ඩුවේ දැඩි අසාර්ථක කම යටපත් කිරීමටත්, එය වසන් කිරීමට සහ එහි සේවයේ නියැලී සිටින සේවකයින් හට අසත්‍ය මවාපෑමකට ගන්නා ලද උත්සාහයක් බව හෝටල් සේවක මධ්‍යස්ථානය වශයෙන් අප පෙන්වා දෙන්නෙමු.

මේ වනවිට රට තුල සෑම ක්‍ෂෙත්‍රයක්ම බිඳවැටී ඇත. සෑම ජන කොටසක්ම දැවැන්ත අර්බූදයකට මුහුණපා ඇත. එය ආණ්ඩුවේ දැඩි අසාර්ථකත්වය හමුවේ බව කිසිවෙකුටත් අමුතුවෙන් අවබෝධ කළ යුතු නොවේ. මෙම තත්වයන් තවදුරටත් දරාගැනීමට නොහැකිව ජනතාව අරගල කළේ, මෙම තත්වයෙන් රට මුදවාගෙන සියලූ ක්‍ෂෙත්‍රයන් ගොඩනගා යලි යහපත් ලෙස ජීවත්වීමටය. එහෙත් ආණ්ඩුව එම සත්‍යය යටපත් කර ආන්ඩුවේ අසාර්ථක කමේ විලිය වසා ගැනීමට මෙයාකාර විනිවිද කඩතුරාවක් භාවිතා කරමින් සිටින බව මෙයින් මනාව තහවුරු කරයි.

අප රටේ ස්වභාව සෞන්දර්යයේ සුන්දරත්වයේ පහස විඳීමට විදෙස් සංචාරකයින්ගේ දැඩි රුචිකත්වයක් තිබෙන බව අප දනිමු. වර්තමාන ඩොලර් අර්බූදයට ක්‍ෂනික විසඳුමක් වශයෙන් මෙම සංචාරක රුචිකත්වය ප‍්‍රමුඛ ලෙස අවධානය යොමු කර එහි උන්නතිය වෙනුවෙන් අප හෝටල් සේවක මධ්‍යස්ථානය විවිධ අදහස් සහ යෝජනා පාස්කු ප‍්‍රහාරයේ සිට මේ දක්වා ද ප්‍රකාශ කර ඇත.

මෙම සංචාරක ක්‍ෂෙත්‍රය පවත්වාගෙන යාම සඳහා අප එසේ මැදිහත් වනවිට, වර්තමාන ජනාධිපති එදා අගමැති වශයෙන් සිටියදී ජාත්‍යන්තර මාධ්‍යයට ප‍්‍රකාශ කර සිටියේ විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීමට වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරනවා වෙනුවට අරගලය පෙන්වා බියගැන්වීමක් සහ ඔවුන් මෙරටට පැමිණීම වළක්වාලීම සඳහා ගත් උත්සාහයක් බව අප දකිමු.

ඇත්ත යථාර්තය පාගා යටකර දමමින් අසත්‍යය මතුකර පෙන්වීමට වර්තමාන ජනතා මතයක් නොමැති සහ එය යටපත් කරමින් කටයුතු කරන ආණ්ඩුවේ මෙම ප්‍රකාශය අප මුළුමනින්ම ප්‍රතික්‍ෂෙප කර හෙළා දකින්නෙමු.

ස්තුතියි.

මෙයට, අන්තර් සමාගම් සේවක සංගමයේ හෝටල් සේවක මධ්‍යස්ථානය වෙනුවෙන්,
ජයතිලක රණසිංහ
ජාතික සංවිධායක
හෝටල් සේවක මධ්‍යස්ථානය.

Share post:

Popular

More like this
Related

ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදායම් බදු අයකර ගැනීමට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයින් බදු අය කරගැනීමේ අරමුණින්...

22ට එරෙහි පෙත්සම් විභාග කරන්න විනිසුරු මඩුල්ලක්

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීම අරමුණු කරගත්...

උද්ධමනය ඉහළට

2026 වසරේ අගෝස්තු මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයට...

නේපාලයේ දී අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය ඉහළට 

අගෝස්තු 26 වන දින ටිබෙටයට මායිම්ව පිහිටි රසුවා දිස්ත්‍රික්කයට ...