පසුගිය සතියේ ආන්දෝලනාත්මක ගීය වූයේ සබඳ අපි කුදු නොවෙමු යන්නයි.

මටනම් ගීයේ පද පෙරළියේ අරුමයක් නැත.
කිව්වත් නැතත් සිදුවන්නේ එයයි.

සාමාන්‍යයෙන් අපි උස කඳ බඩ පළල ජාතියක් නොවෙමු.එහෙත් ආසියාතිකයන්ට හුරුපුරුදු හුරුබුහුටිකම අපේ සුන්දරත්වයේ ලක්ෂණයකි.

එහෙත් ඒ හුරුබුහුටි පිරිපුන්බව දැන් දැන් අපිට ආවේස නොවේ.

ශාක ප්‍රෝටීන් මෙන්ම සත්ව ප්‍රෝටීන් අපේ කෑමවේලට ආවේණිකය.

එහෙත් මෑතක සිට අපේ බත්පතට ආර්ථිකය පහරා ඇත.

මස්,මාළු,බිත්තර තවදුරටත් සාමාන්‍ය මිනිසාට සමීප ආහාරයක් නොවේ.එය සුඛෝපභෝගි ආහාරයකි.

භාණ්ඩ මිල දෙගුණ තෙගුණ වෙද්දි වඩාත් අසරණ වෙන්නේ මව්වරුය.දරුවෝ වෙනදා පුරුද්දට ම ආහාර සොයන මුත් යථාව ඔවුන්ට දුරස්ථය.

ආර්ථිකය හා දරු සෙනෙහස ගැහැණිය තවත් අසරණකරන අන්ත දෙකකි.

බඩවල් පුරවා හිත් පුරවන්න අම්මලා කැමතිය. මාස්ලෝ මනෝවිද්‍යාවේ කතා කරන්නේ මිනිස් සතාගේ ප්‍රාථමික හා අවශ්‍යම අවශ්‍යතා අතර ආහාර මූලික බවයි.

ආහාර,නින්ද,ලිංගිකත්වය වැනි ප්‍රාථමික අවශ්‍යතා තෘප්ත වූ කල්හි ඉන් ඉදිරියට එන අධ්‍යාපනය,කලාව,ජීවිතාවබෝධය වැනි ද්විතීයික අවශ්‍යතා තෘප්තියට මිනිස් සතා යොමුවනු ඇත.

ඉතින් දැන් අපිට මොන තෘප්තියක්ද?

කායික මානසික තෘප්තිය නැති අපි කොහොමත් බුහුටි නැත.පිරිපුන් නැත.අවසඟය.කුදුය !!!!

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...