බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යංශයෙන් එළවා දමන්න – මහින්දානන්ද අලුත්ගමගේ නියෝග කරයි

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල දරන තනතුරු සියල්ලෙන් ඉවත් කරන ලෙස කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ වෙත දැනුම් දී ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යධූරය දරණ මාරඹේ ඒ අනුව, ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජික ධුරයෙන්ද, කෘෂි නව්‍යකරණ ව්‍යාපෘතියේ මෙහෙයුම් කමිටුවේ සාමාජික ධුරයෙන් හා කුඩා ව්‍යාපාර කෘෂි සහභාගීත්ව වැඩසටහනේ උපදේශක ධුරයෙන්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ඇමතිවරයා විසින් අද (26) උපදෙස් දී ඇත.

මේ ආකාරයට මහාචාර්ය මාරඹේ ඉවත් කරනු ලබන්නේ වත්මන් ආණ්ඩුව විසින් කඩිකුලප්පුවකින් මෙන් ක්‍රියාත්මක කරන කාබනික කෘෂිකර්ම පිළිවෙත විවේචනය කරමින්, ඊට එරෙහිව විශ්ව විද්‍යාල ප්‍රජාව, ප්‍රජා සංවිධාන හා සාමාන්‍ය ජනතාව පෙළ ගැස්වෙන ආකාරයේ ප්‍රකාශන සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නිසා බව ඇමතිවරයා අමාත්‍යංශයේ නිලධාරින් හමුවේ පවසා ඇත.

මහාචාර්යවරයා විසින් රාජ්‍ය අමාත්‍යාංශ කිහිපයක විවිධ තනතුරු දරමින් රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම පිළිගත නොහැකි තත්වයක් බවද ඇමතිවරයා පවසා තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...