Breaking News

යුරෝපයේ ග්‍රීස්ම සෘතුව ගිනිමැලයකි.

ඉතාලිය ඇතුළු යුරෝපා  රටවල් තුළ ඉහළ උෂ්ණත්ව අගයක් වාර්තා කිරීම මේ වන විට බරපතළ ගැටලු ගණනාවක් නිර්මාණය කර තිබේ. වගාබිම් විනාශයට පත්වීම, ඉහළ යන උෂ්ණත්වය හේතුවෙන් මරණ ඇති වීම,  භූගත ජලය සීග්‍ර ලෙසර පහත වැටීම,  ජීව විද්‍යාත්මකව පරිසරයට සිදුවී ඇති විනාශය බරපතළ බව  වාර්ථාවෙනවා.

ගෙවුණු සති දෙකක යුරෝපයේ බොහෝ ප්‍රදේශවල අධික උෂ්ණත්වයක් වාර්තා කර තිබූ අතර එය සමහර ප්‍රදේශවල සෙල්සියස් අංශක 40 ඉක්මවා ගිය උෂ්ණත්වයක් විය. එමෙන්ම පවතින තත්ත්වය වසර හතලිහකට පසු ඇතිව තිබෙන උෂ්ණත්වය අධිකම කාලය බව මෙ පිළිබඳව අවධානයෙන්  සිටින දේශගුණික කාලගුණික සංවිධාන පෙන්වාදෙමින් අනතුරු අඟවා තිබෙනවා.

වාර්තා වන අන්දමට ස්පාඤ්ඤය සහ පෘතුගාලයේ පමණක්  1700 අධික  ප්‍රමාණයක් උෂ්ණත්වය ඉහළ යෑම හේතුකරගෙන මියගිහින් තිබේ.

එළඹෙන දින කිහිපය තුළ අධික උෂ්ණත්වයක් වාර්තා වන බව ඉතාලිය ජනතාවට අනතුරු අඟවනවා. සෙල්සියස් අංශක 39 සිට 40 ඉක්මවා උෂ්ණත්වය ඉහළ යෑමට හැකි බවත් රාත්‍රී කාලයේ දී පවා සෙල්සියස් අංශක 23 ඉක්මවා ගිය උෂ්ණත්වයක් රඳා පැවතිය හැකි බවත්  මේ හේතුවෙන් රාත්‍රියත් උෂ්ණ අධික වාතය කින් පිරී පැවතින බව ඔවුන් පෙන්වා දෙනවා. මෙසේ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන්  2003 ්‍රීස්ම කාලයේ සිදුවූ මරණ ප්‍රතිශතය ඉක්මවා යන හෝ ඊට ආසන්න අගයක මරණ වැඩි වීමක් සිදුවේ යැයි මේ වන විට ගණන් බලා තියෙනවා.

2003  ග්‍රීස්ම සෘතුවේදී සාමාන්‍ය මරණ ප්‍රතිශතයට වඩා 23%  ක  ඉහළ යෑමක්  ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ. මණක්ද නොව එම වර්ෂයේදී ඉතාලියේ ප්‍රධාන නගරවල සිදු වී ඇති මරණ ප්‍රමාණය 3200ක් බව වාර්තා පෙන්වා දෙනවා .  ඉන්  90% ක්  වයස අවුරුදු 65 ඉක්මවාගිය  උදවිය වීම විශේෂත්වයකි.

2020 වසරේ දී පමණක් ඉතාලිය තුළ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.54 ක අගයක් ගෙන තිබුණා.  වාර්ෂිකව උෂ්ණත්වය ඉහළ යෑමේ අවධානම තවදුරටත් ඉතාලි ඇතුළු යුරෝපා රටවල් වලට බල පවත්නා අතර එය විශේෂයෙන්ම ඉදිරි වර්ෂවලදී ඉතාලියට දරුණු ලෙස බලපෑමට ඇති හැකියාව ඉහළයි.

ආසන්න කාලයක් සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන්  ෝ වගාවන් විනාශයට පත් වී තිබෙනවා එපමණක්ද නොව ගෙවීගිය අවසාන වසර තුන තුළ අවශ්‍ය කරන ප්‍රමාණය හිමපතනය නොලැබීම හේතුවෙන් ද මෙම ගැටළුව තවදුරටත් වර්ධනය කරමින් තීව්‍ර කරන්නට  හේතුවෙනවා.  පසුගිය සති කිහිපය තුළ ඉතාලියේ විවිධ නගර වලින් ැව්ගිනි තත්ත්වයන් වාර්තා වීමත් විශාල වනාන්තර ප්‍රමාණයක් මේ ගින්නට හසුව විනාශ වීම දැකගන්න පුලුවන් වුණා.

අපේ ඇස් පනාපිට අපේ ලෝකය  විනාශයේ දොරටුවෙන් ඇතුල් වී ඇති බව  දැකගන්නට ලැබීම කණගාටුවට කරුණකි. මේ විනාශය වළක්වා ගැනීමට සාමූහිකව දරන උත්සාහයක සෙවනැල්ලක් වත් අපට දකින්න නැති වීම  නාගත ලෝකයේ ඉරණම පිළිබඳ භයංකර චිත්‍රය පෙන්නුම් කරයි.

leave a reply