Breaking News

බල තණ්හාව පැත්තකින් තියන්න, මැතිවරණය කල් දමන්න

පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ඇතිව තිබෙන ව්‍යසනකාරී තත්වය හමුවේ ආණ්ඩුවේ බල වුවමනා වෙනුවෙන් ජනතාව බිල්ලට නොදී මැතිවරණය කල් දැමීමට කටයුතු කරීමට බලපෑම් කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද දින මැතිවරණ කොමිෂමේ සභාපති සහ එහි සාමාජිකයින් හමුවිය.මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්,ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ යන සහෝදරවරු සම්බන්ධවිය..

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරය පවසා සිටියේ,කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග ආණ්ඩුව පාසල්,විශ්වවිද්‍යාල,රාජ්‍ය සහ පුද්ගලික ආයතන පවා වසාදමීමට කටයුතු කර තිබියදී පවා ජනතාව විශාල වශයෙන් ඒකරාශීවන අවස්ථාවක් වන මැතිවරණය කල් නොදැමීමට ආණ්ඩුව කටයුතු නොකිරීම ගැටළුසහගත බවත් තුනෙන් දෙක ලබාගැනීමට වඩා මේ මොහොතේ ජනතාවගේ ජීවිත වල ආරක්ෂාවට මූලිකත්වය දීකටයුතු බව ආණ්ඩුවට අවධාරනය කළේය.

ජනතාව ඒකරාශී වන ජනහමු,කැන්වසින් ව්‍යාපාර,පත්‍රිකා බෙදීම වැනි ක්‍රියාකාරකම් කිසිවක් සිදුකිරීමට නොහැකි තත්වයක දී ආණ්ඩුව රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය භාවිතා කරමින් මැතිවරණ ව්‍යාපාරය සිදුකිරීමට යාම නිසා එවැනි විශාල මුදල් ප්‍රමාණයක් ප්‍රචාරණ සදහා වියදම් කිරීමට නොහැකි ජනතා ආධාරයෙන් නඩත්තුවන දේශපාලන ව්‍යාපාර වල ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ළංගණය කරන බව ප්‍රකාශ කළේය.

අඛණ්ඩව දින ගණනාවක් පුරා රටේ සාමාන්‍ය ආර්ථික කටයුතු පවා අඩාල වී ඇති තත්වයක් හමුවේ එදිනෙදා ආදායම් ලබන රැකියා වලින් ජීවත් වන බහුතරයක් ජනතාවගේ ජීවිත අර්බුධයට ලක්ව ඇති බවත් එම නිසා ආණ්ඩුව ඔවුන්ට ජීවනාධාරයක් ලබාදෙන වැඩපිළිවෙලක් වහා සකස්කලයුතු බවත් කුලී රථ රියදුරන් වැනි ලීසින් සමාගම් වලට විවිධ ණය වාරික ගෙවනු ලබන ජනතාව සදහා මෙම තත්වය සමනය වනතුරු පොලී රහිතව සහන කාලයක් ලබාදීමට ආණ්ඩුව මැදිහත්විය යුතු බවත් ආණ්ඩුවට අවධාරණය කරන ලදී..

leave a reply